ණය සහ පොලිය ගෙවන්න ආණ්ඩුව තවත් ලොකු ණයක් ගනියි


(අජන්ත කුමාර අගලකඩ)   

ණය, ණය පොලී සහ අත්‍යවශ්‍ය වියදම් පියවීම වෙනුවෙන් මේ වසරේ ඉතිරි කාල සීමාව සඳහා රුපියල් කෝටි 71,700ක පමණ ණය ගැනීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන් රුපියල් කෝටි 30,000ක පමණ මුදලක් විදේශීය මුදල් ණය වශයෙන් ද ඉතිරි රුපියල් කෝටි 41,700ක මුදල දේශීය මුදලින් ද ලබාගැනීමට යෝජනා වී තිබේ. 

විදේශීය ණය ගැනීම් යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් සහ ප්‍රාග්ධන ව්‍යාපාති සඳහා වන ණය වශයෙන් ලබාගැනෙන අතර දේශීය ණය ගැනීම් යටතේ භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර සහ අනෙකුත් ණය ගැනීම් යටතේ අදාළ ණය මුදල් සපයා ගැනෙනු ඇත.   
මේ වසරේ ඔක්තෝබර් සිට දෙසම්බර් දක්වා කාලය වෙනුවෙන් මෙම ණය මුදල් ලබාගැනෙනු ඇත.