‘‘රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව වැඩකිරීම වැදගත්‘‘


(ඩයනා උදයංගනී)

රටේ අනාගත ඉලක්ක හා අභිමතාර්ථ සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව වැඩකිරීම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

විශේෂයෙන් කොවිඩ් වැනි ආපදා තත්ත්වයක් පවතින අවස්ථාවක එය ඉතා වැදගත් බව ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා බ්‍රැන්ඩික්ස් ආයතනය මගින් ලබාදුන් රුපියල් මිලියන 68ක් වටිනා මුහුණු ආවරණ මිලියන 1.5ක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම මුහුණු ආවරණ දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පාසල් 5,824කට බෙදාහැරීමට පියවර ගෙන ඇතැයි ද ඇමතිවරයා පැවසීය.