IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලන්දේසි නිලධාරීන්ගේ සිරුරු තැන්පත් කර ඇති ‘කුරුස පල්ලිය’

මීට වසර 250 කට පමණ පෙර මෙරටදී මියගිය ඕලන්ද සෙන්පතියන්ගේ සහ උසස් ප‍්‍රභූවරුන්ගේ සිරුරු ගාල්ල කොටුවේ පිහිටි ඕලන්ද රෙපරමාදු දේවස්ථානයේ පොළව යට උමං මාර්ගයක තැන්පත් කර ඇත. 1752 ජුලි මස 04 වන දින ඉදිවූ මෙම දේවස්ථානය ලන්දේසින් විසින් මෙරට පිහිටුවනු ලැබූ ප‍්‍රථම රෙපරමාදු දේවස්ථානය ලෙසද ඉතිහාසයට එක්ව ඇත. 


එවකට ගාලු කොටුවේ අණ දෙන නිලධාරියාවූ කැස්පර්ස්ද ජෝන් (Casparus de jong) සහ ඔහුගේ ආර්යාව වූ ගර්ටි යුඩා ඇඩිරියානා ලෙ ග‍්‍රාන්ඩි (Gertruyda Adriyana Le Grand) යුවළට දරුවන් සිට නොමැත. දිගු කලක සිට දරුවන් නොමැතිව සිටි තම බිරිඳට දරුවෙකු ලබා දෙන ලෙස කැස්පාරිස් ද ජෝන් දෙවියන්ට භාරයක් වී තිබුණි. ඒ තම බිරිඳට දරුවෙකු ලැබුණොත් දෙවියන්ට ස්තූති කිරීමක් ලෙස දේවස්ථානයක් ඉදිකර දෙන බවටය. දිගු කලක සිට පැවැති ඔවුන් දෙපළගේ සිහිනය සෑබැ කරමින් ඇඩ්රියානාට දියණියක උපන් නිසා දෙවියන්ට ස්තූති කිරීමක් ලෙස මෙම දේවස්ථානය ඉදිකරනු ලැබ ඇත. 

1752 ජූලි මස 04 වන දින දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර වසරක් තුළ සිය ඉදිකිරීම් කටයුතු නිම කර ඇත. දේවස්ථානයේ ඉදිකිරීම් අවසන් වන තුරුම මොවුන් දෙපළගේ දියණියවූ ඇඩ්රියානා ජෝහැනා (Adriana Johahna) බෞතිස්ම කර නොතිබුණි. ඇයව 1754 මැයි මස 04 වන දින මෙම දේවස්ථානයේ දි බෞතිස්ම කර ඇත. මෙම දේවස්ථානයේ ප්‍රථමයෙන්ම බෞතිස්ම කර ඇත්තේද ඇයයි. 

 

 

මෙම දේවස්ථානය ඉදිකළ කැස්පර්ස්ද ජෝන් 1758 මියගොස් ඇත. ඔහු දේවස්ථානය ඉදිකර කෙටි කාලයක් තුළ රාජකාරියෙන්ද ඉවත්ව තිබුණි. ඔහුගෙන් පසු ගාලු කොටුවේ අණදෙන නිලධාරියා ලෙස ආබ්‍රහම් සැම්ලාන්ට් (Abraraham Samlant) පත්විය. 


මෙම දේවස්ථානය ඉදිකළ භූමියේ පෘතුගීසි යුගයේ පෘතුගීසි පූජකයන්ගේ ආරාමයක් පවත්වාගෙන ගොස් ඇත. ඕලන්දයින් බලයට පත්වීමත් සමඟ පෘතුගීසින් විසින් ඉදිකර තිබූ නිර්මාණ විනාශ කර ඒ වෙනුවට තම නිර්මාණ ගොඩනැංවීමට ඕලන්දයින් කටයුතු කර තිබුණි. එලෙසින් නිර්මාණය වූ දේවස්ථානයක් ලෙසද මෙම දේවස්ථානය සැලකිය හැක. 


පෘතුගීසින් තම ආගම ලෙස පිළිගනු ලැබුවේ ක්‍රිස්තියානි රෝමානු කතෝලික ධර්මයයි. ලන්දේසීන් තම ආගම ලෙස රෙපරමාදු ධර්මය පිළිගෙන තිබුණි. ගාල්ලේ නිල වශයෙන් රෙපරමාදු ධර්මය පිහිටුවනු ලැබ ඇත්තේ 1642 දීය. 
මෙම දේවස්ථානය කුරුසයක ආකෘතියට නිමවා තිබේ. ඒ නිසා මෙම දේවස්ථානයට කුරුස පල්ලිය ලෙසද ව්‍යවහාර කෙරේ. දේවස්ථාන ගොඩනැගිල්ලේ නැගෙනහිර සහ බටහිර බිත්ති සඳහා (ගේබල්) ගේබල් භාවිත තර තිබේ. වාස්තු විද්‍යාත්මක ස්මාරක සඳහා ගේබල් යෙදීම යුරෝපීය කලා ශිල්පවල පුනරුද යුගයේ ඇතිවූ විශේෂ ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැක. ලන්දේසින් විසින් එම ලක්ෂණ ඔවුන්ගේ යටත්විජිතයන්හි ඉදි කිරීම් සඳහා ද යොදා ගත් බවට මෙය කදීම නිදසුනකි. 


දේවස්ථානයේ සිවිලිම ආරුක්කුමය ස්වරූපයක් ගනී. අතීතයේ එහි අහස් නිල ආලේප කොට දිදුළන රන් පැහැ තාරකා රාශියක් සවිකර තිබී ඇත. ඒ තුළින් දෙව්ලොව සහ දේවස්ථානය අතර සම්බන්ධතාවක් නිරූපණය කිරීමට ඔවුන් උත්සාහ කරන්නට ඇතැයි සිතිය හැක. 


මෙම දේවස්ථානයේ ඇති ඕගනය අගනා කෞතුක වස්තුවක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ. එය ලංකාවේ ඇති පැරණිතම ඕගනය ලෙස සැලකේ. දේවස්ථානයේ ගීතිකා ගායනා කිරීමේදී මෙම ඕගනය වාදනය කර තිබේ. එය ක්‍රියාත්මක කිරීමට උත්පාදකයක් නොමැතිවූ අතර එය ක‍්‍රියාත්මක කරවන ලද්දේ පෘතුගීසි මෙහෙකරුවන් ලවා සුළං බැදීම හේතුවෙන් එහි ශක්තිය මගිනි. මෙම ඕගනය අවසන් වරට වාදනය කළ තැනැත්තා ලෙස සැලකෙන්නේ 1930 දී පීටර් ස්කොල්ස් හෙවත් අංකල් වුම් නමැත්තාය. 

 

 

මෙම දේවස්ථානයේ දේහයන් තැන්පත් කිරීම සඳහා අවසර ලැබී තිබුණේ ප‍්‍රභූ පැළැන්තියේ පුද්ගලයන්ට පමණි. ඒ සඳහා ගාස්තුවක් අය කරන ලදී. දේවස්ථානයේ දකුණු දොරටුව ආසන්නයේ ඇති උමං මාර්ගයේ දේහයන් තැන්පත් කිරීම සඳහා විශාල මුදලක් අය කර තිබේ. එසේ දේහයන් තැන්පත් කළ අයවලුන් වෙනුවෙන් නිර්මාණය කළ සොහොන් ගල් සහ සමරු පුවරු සිය ගණනක් දේවස්ථානය පුරාම දැක ගත හැක. දේවස්ථානයේ බිත්ති මත කිරිගරුඬ සහ බදාම වර්ග භාවිත කරමින්ද, දේවස්ථානයේ පොළව මත විවිධ ලෝහ වර්ග භාවිත කරමින්ද මෙම ස්මාරක නිර්මාණය කර තිබේ. අවසන් වරට මෙම දේවස්ථානයේ දේහයන් තැන්පත් කිරීම සිදුව ඇත්තේ 1863 වසරේ දී ය. 


1925 සිදුකළ වහල අලුත්වැඩියා කිරීමක දී මෙම දේවස්ථානයේ ගර්භය ජලයෙන් යටවිය. එය හේතුකොටගෙන සොහොන් වළවල් විවෘත වේය යන බියක්ද හටගෙන තිබුණි. එහිදී රජයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ආර්.පී. ඇන්තනීස් මහතා ඇතුළු ඉංජිනේරුවන්ගේ මතය වූයේ මෙම සුසාන භූමියේ ස්ථිර තත්ත්වයක පවතින නිසා සොහොන් වළවල් කිසිදාක විවෘත නොවන බවයි. එම මතය තහවුරු කරගනු පිණිස 1863 පෙබරවාරි 23 වන දින මිහිදන් කරනු ලැබූ දිස්ත‍්‍රික් නඩුකාර සී.පී. වෝකර් මහතාගේ බිරිඳගේ දේහය තැන්පත් කර තිබූ ස්ථානය රජයේ අවසරය මත විවෘත කරනු ලැබීය. එහි දී අනාවරණය වූයේ අඩි හයක් පමණ ගැඹුරට මුහුදු වැලි දමා ඊට උඩින් මෘත දේහය සහිත පෙට්ටිය තැන්පත් කර තිබූ බවය. දිරාපත් වූ එම පෙට්ටියෙහි කළු පැහැති වෙල්වට් කොටස් ඇතුළු අවශේෂ ද්‍රව්‍යද, මෘත දේහය ද හොඳින් ආරක්ෂාවී පැවතුණි. පසුව කලින් තිබූ ආකාරයටම එම සොහොන් වළ වසා දමා ඇත. 


මෙම දේවස්ථානයේ මිහිදන් කරන ලද ප‍්‍රභූන් අතරින් ජෙනරාල් හල්ෆිප් (General Hulft) ද ප‍්‍රමුඛයෙකි. ඔහුගේ දේහය මෙහි තාවකාලිකව මිහිදන් කර තිබී ඇත. දේවස්ථානය තුළ ඇති සුසාන පුවරු බොහොමයක විවිධාකාර කැටයම් දැකිය හැක. ඒවායේ පවුලේ සංකේතය කාලමානය සහ මරණය පිළිබඳ සංකේත විශේෂයෙන් දක්වා ඇත. සුසාන පුවරු මත දක්නට ලැබෙන සංකේත හා කැටයම් අතර මිනිස් රූප, සුරඟනන්, සිව්පා සතුන්, පක්ෂීන්, ජ්‍යාමිතික සටහන්, වාස්තු විද්‍යාත්මක නිර්මාණ, වෘක්ෂ, මල්, ලියවැල් සහ මිථ්‍යා සත්වයෝද වෙති. 


මියගිය ඕලන්ද සෙන්පතියන්ගේ සහ ප‍්‍රභූවරුන්ගේ දේහයන් ගාලු නගරයේ දී පිළිගෙන ඔවුන්ගේ තානාන්තරයට සුදුසු පරිදි චාරිත‍්‍ර ඉටු කිරීමෙන් පසු මෙම දේවස්ථානයේ පොළව යට උමං මාර්ගයක තැන්පත් කළ බව ගාල්ල ගැන ලියවී ඇති වෝකර්ට් සහ ලූප් වැනි ඉතිහාසඥයින්ගේ ලේඛනවලද සඳහන් වේ. 


මෙම දේවස්ථානයේ ඉදිරියෙන්ම නිර්මාණය කර තිබෙන්නේ දෙවැනි රාජසිංහ රජු සමඟ සටන් වැද මියගිය සෙන්පතියකුගේ ස්මාරකයකි. ඔහු 1766 මැයි මස 03 වන දින මියගොස් ඇත. එම සෙන්පතියා බෞතිස්ම කළ අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් ද එහි ප‍්‍රදර්ශනයට තබා ඇත. ප‍්‍රථම ශ්‍රී ලාංකික වෛද්‍යවරයා ලෙස සැලකෙන පීටර් ඩැනියල්ස් ඇන්තෝනිස් මහතාගේ දේහයද මෙහි තැන්පත්කර සමරු ස්මාරකයක් ඉදිකර තිබේ. 1822 උපත ලද ඔහු 1881 දී ගාල්ලේදී මියගොස් තිබුණි. 


දේවස්ථානයේ නිර්මාණය ඕලන්ද වුවද, නිර්මාණකරණය දේශීය වේ. මෙයට හේතුව ඕලන්ද අධීක්ෂණය, දේශීය අමුද්‍රව්‍ය හා ශ‍්‍රම සම්පාදනය යන සාධක සංකලනයවීමයී. දේවස්ථානය ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගාලු කොටුවෙන් සහ ඒ අවට ප‍්‍රදේශවලින් සපයාගෙන ඇත. වර්තමානය වනවිට වසර 260 ක් සපුරා ඇති මෙම ඓතිහාසික ස්මාරකය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙසද හැඳින්විය හැක. 

 

 

 


සටහන හා ඡායාරූප 
රත්ගම ගාමිණි මහදුර



අදහස් (0)

ලන්දේසි නිලධාරීන්ගේ සිරුරු තැන්පත් කර ඇති ‘කුරුස පල්ලිය’

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site