IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පුංචි ළමයි එක්ක බීච් පාක් එකට නම් යන්න එපා

 

ස්ථානය:- අම්බලන්ගොඩ නගර සභා ආද‌ාහනාගාරය පොදු සුසාන භූමිය පිටුපස හා යාබද වෙරළ උද්‍යානය පිහිටි පටබැඳිමුල්ල වෙරළ තීරය.  


ඉකුත් සති අන්තයේ ඉරිද‌ා දින සවස් කාලයේ හා සතියේ දිනයක් වූ සඳුද‌ා (22) දහවල මා එහිගොස් හෝරා කීපයක් ගෙවාදැමුවේ සුන්දර වෙරළ තීරයේ අසුන්දර කථාවක් පාඨක ඔබ වෙත ගෙන ඒමේ අදහසිනි.  


අම්බලන්ගොඩ වෙරළ උද්‍යානය නැතහොත් බීච්පාක් එක ගැන නොදන්නා කෙනකු නැත. එය ඒ තරමටම ප්‍රසිද්ධය. එහෙත් පටබැඳිමුල්ලේ ගමේ අයට එය වහකදුරු මෙන් තිත්තය, අප්‍රසන්නය, අශෝභනය, අශ්ශීලය. වැඩිහිටියන්ට පමණයි ලේබලය ඇල වූ චිත්‍රපටියක නොව අන්තර් ජාලයෙන් බලාගත හැකි දසුන් ඕනෑ තරම් සජීවීව දැකබලා ගත හැකිය. එය අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේය. මහදහවල් පමණක් නොව ඉරමුදුන්වීමට පෙර හා ඉර බැසගිය පසු පැය විසිහතරේමය. ඇසැබි දසුන් කිසිදු ගාස්තුවක් නොගෙවා නොමිලේ නැරඹිය හැකිය.  


වෙනද‌ා රෑනගස් අතර සැඟවී හෙල්ගල්පරයකට කැලෑ රොදකට සැඟවී මොහොතක් පෙම්සුව විඳි තරුණ ජෝඩු කිසිදු ලැජ්ජාවක් බියක් හෝ හිරිකිතියක් නැතිව හැසිරෙති   
සිය ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය හෝ සමඟ වෙරළ උද්‍යානයට පැමිණ ආදර වදන් මුමුණා ආදර සුවය නිදහසේ විඳ කථාබහ කර ගියාට වරදක් නැත.. එහෙත්..  


දින කීපයකට පෙර දැන අඳුනාගන්නා පෙම්වතා සමඟ කෙළින්ම එන්නේ... බීච් පාක් එකටය. අශෝභන ලෙස හැසිරෙන පෙම්වතුන් හා පෙම්වතියන් සමඟ රණ්ඩු ඇල්ලූ ගමේ බොහෝ දෙනෙකු දැන් නිහඬව සිටින්නේ පලක් නැති නිසාය.  


‘‘ඔය යන කෙල්ලන්ට වෙඩින් නම් නැහැ. හෝම්කමිං විතරයි...’’ ප්‍රදේශවාසී කාන්තාවක් මා සමඟ කීවේ පුපුරා යන කේන්තියෙනි..  
මෑතකදී බටපොළ පැත්තේ කෙල්ලක් වැල්ල අයිනේදී දූෂණය කරලා... ඒ නඩුව තාම උසාවියේ තියනවා. මෙහි දසුන් නැරඹීමට ගංජා, කේ.ජී., හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ගෙන බැල්මට් දාන කුඩ්ඩන්ගෙන්ද අඩුවක් නැත. ගමේ අයට නම් වැල්ල ඒ තරමටම අරහංය, තිත්තය. ‘‘ අපේ දරුවකුට තියා අපිටත් වැල්ලට මුහුදට යන්න බැහැ.. කිසිම ලැජ්ජාවක් නැතිව හැසිරෙනවා..’’ තවත් අයකු මා සමඟ කීවේ ආවේගයෙනි.  


‘‘ඔතනට ගමේ කවුරුත් යන්නේ නැහැ. පිටින් එන ටියුෂන් හා පාසල් යන ළමයි හා තරුණ ජෝඩු තමයි එන්නේ... බැල්මට් ද‌ාන්න පිටින් විස්සක් පමණ එනවා.’’  


අම්බලන්ගොඩ යනු රටට උගතුන් වියතුන් රණවිරුවන් බුද්ධිමතුන් බිහිකළ බෞද්ධ පුරවරයකි. එවන් බෞද්ධ පුරවරයට අද උද‌ා වී ඇත්​ෙත් කාලකණ්නි දසාවකි. බො​ෙහා් දෙනා මේ ගැන අද නිහඬ වී ඉන්නේ කරගත හැකි වෙනදෙයක් නැති නිසාය. පැටබැඳිමුල්ල අපායක් මෙන් යැයි ගමේ අයම කියන්නේ ගමට කොඩිවිනයක් වූ බීච් පාක් එක නිසාය.   


සැබෑලෙසම පටබැඳිමුල්ල වෙරළ අවද‌ානම් බව ​ෙබාහෝ දෙනකු තවමත් දන්නේ නැත. මත්පැන්-මත්ද්‍රව්‍ය ගැවසෙන මේ ප්‍රදේශයේ වෙරළ තීරයට යාබද පාළුවට ගිය වෙරළ උද්‍යානය ඇතැම්විට වස්ත්‍ර නැතිවත් හැසිරෙන ජෝඩුවලින් අඩුවක් නැත. උදේ පාන්දර පහහමාරට හයට පමණක් නොව ඇතැම් විට රාත්‍රි කාලයේද බොහෝ පිරිස් මෙහි එන බව ගම්මු කියති.  


ගොළුහදවතේ එන දම්මිලා, සුගත්ලා මෙහි එන්නේ නැත. එන්නේ පිස්සුවෙන් මෙන් කාමුකව හැසිරෙන කොල්ලන් කෙල්ලන්ය. පාසල් වයසේ දරු-දැරියන්ය. ටියුෂන් පංති යන මුවාවෙන් මෙහි එන පාසල් දරුවන් ඇතැම් විට පාසල් නිල ඇඳුමින් සිටි අවස්ථාද දැක ඇති බව ප්‍රදේශවාසීහු පවසති.   


ගමටම එපා වී ඇති ගමටම කොඩිවිනයක් වී ඇති නිරුවත් අඩනිරුවත් පෙම්වතුන් රඟන මේ පාළු ඉසව්වට මා ගියේ ඉරිද‌ා ලංකාදීපයේ පාඨක ඔබ වෙනුවෙන් පමණක් නොව බලධාරීන්ගේ දෑස් යොමු කිරීමේ අදහසිනි.  


අම්බලන්ගොඩ නගර සීමාවේ ප්‍රධාන පෙලේ පාසල් හතක් පිහිටා ඇති අතර ඉන් එක පාසලක් බාලිකාවන් වෙනුවෙනි.

අම්බලන්ගොඩ හා අවට ප්‍රදේශවලින් නගරයේ ජනප්‍රිය පාසල්වලට දිනපතා නගරයට එන පාසල් සිසුන්ගේ සංඛ්‍යාව දහහත් දහසක් පමණ බැව් කියති.  


එසේම නගරය හා අවට ටියුෂන් පංති රැසක්ද තිබේ. නගරයේ ජනප්‍රිය පාසල්වලට එන සිසු- සිසුවියෝ පාසල් අවසන් වී නගරයේ ඇති පෞද්ගලික පංති වලට යති.  


අම්බලන්ගොඩ නගරය හා අවට ලැගුම්හල් විස්සක් පමණ තිබේ. රුපියල් තුන්සීයේ සිට ඉහලට මුදලකට කාමරයක් ගත හැක. ඇතැම් විට පැයකට දෙකකට කාමර වෙන කරගන්නා ජෝඩුද බහුලය.  


කාමර ගැනීමට මුදල් නැති අසරණ දුප්පත් ජෝඩු වෙරළතීරයේ ගල්පරයක් අසලට හෝ රෑනගසක් අසලට යන්නේ නොමිලේම පෙම්සුව විඳීමේ අදහසිනි. ඇතැම් විට කටේ කිරිසුවද පවා නොගිය බාල වයස්කාර ජෝඩු මේවාට හොර රහසේ රිංගති. නගරයේ පාළු පාරවල් මෙන්ම දුම්රිය මාර්ගයේ පාළු තැන්ද නගරයට පිටින් එන තරුණ ජෝඩුවලින් පිරී තිබෙනු දක්නට පුළුවනි.  


අම්බලන්ගොඩ නගරයේ ඇතැම් පාසල්වල සිසු-සිසුවියන්ගේ ප්‍රේම ජවනිකා ඇතැම් විට සටන් ජවනිකා බවට පත්වන්නේ පාසල තුළ පමණක් නොවේ. මහපාරේ මෙන්ම ඇතැම් විට බස්නැවතුම්පොළේද මේ සටන් දර්ශන දැකගත හැකිය.   


අා‌දරය-සෙනෙහස වෙනුවට අද ඇත්තේ හුදු ප්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය පමණයැයි බොහෝ දෙනා කියති. නගරයේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසලක සිසුවියන් දෙදෙනකු පෙම්වතුන් සමඟ දවස පුරාම නගරයේ සැරිසරා දුම්රිය ස්ථානය ආසන්නයේ පාලමක් යට රාත්‍රිය ගත කරද්දී පොලිසියට හසුවූයේ මීට කලකට පෙරදීය. ඇතැම් පාසල්වල ඇතැම් දරු-දැරියන් පාසලේදී හා පිටත විනය විරෝධී ලෙස හැසිරී ඇති බවට වාර්තා වූ වාර බොහෝය.  


ඇතැම් පාසල් සිසුන් මත්පැන් හා මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් මැරයන් සේ කටයුතු කරන්නේ විදුහල් මාතාවගේ කීර්තිනාමයටද කැළලක් එක් කරමිනි.  


ජංගම දුරකථන හා අන්තර් ජාල මගින් අසැබි දසුන් නරඹන ඇතැම් දරු දැරියන් දෙපිරිසම අසභ්‍ය ලෙස පාසලේදීම හැසිරී ඇති බවට වාර්තා වුණි.  


අම්බලන්ගොඩ වෙරළ උද්‍යානයටද ඇතැම් දරුවන් එන බව නොරහසකි. මේ වෙරළ උද්‍යානයද බොහෝ අපචාර ක්‍රියා සිදුවන තැනක් බව ප්‍රදේශවාසීහු පවසති. පෙම්වතුන් බියකර කප්පම් ගත් බවද කියති. පොලිස් පාට් දමා තරුණ ජෝඩු බියකර පසුව සාක්කු සුද්ද කර රන් අභරණ කඩාගත් වාරද අපමණය, බලහත්කාර කම් සිදුවූ වාර අනන්තය. බොහෝ දෙනකු ලැජ්ජාව නිසා පැමිණිලි කිරීමට පොලිසියට යන්නේ නැත. ඇතැම් විට එම දැරියන්ගේ මාපියන් පවා මේ ගැන හාංකාවිසියක් දන්නේ නැත.

 
සුනාමියෙන් පසු ඇමරිකන් රජයේ ආධාර යටතේ අම්බලන්ගොඩ නගර සභාව මගින් ඉදිකළ වෙරළ උද්‍යානය ආරම්භ කිරීමේ පරමාර්ථ අද නැත.   


රුපියල් කෝටි ගණනක් වැයකොට ඉදිකළ සුන්දර වෙරළ උද්‍යානය අද කැලෑවට හා පාළුවට ගිය බිමකි. වෙරළ උද්‍යානයට පිවිසෙන ස්ථානය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ල අද වන විට පටබැඳිමුල්ල ග්‍රාමනිලධාරී කාර්යාලය බවට පත්ව තිබේ. මේ පිළිබඳව ග්‍රාම නිලධාරිවරයාගෙන් කළ විමසුමකදී කියා සිටියේ මැඩම් (ප්‍රාදේශීය ලේකම්) ගේ අනුමැතිය නැතිව ප්‍රකාශයක් කළ නොහැකි බවකි. සම්බන්ධීකරණ කමිටුවට මේ ගැන කියා ඇති බව කියූ ඔහු ටික වේලාවකින් කාර්යාලයෙන් පිටතට ගියේ වෙනත් රාජකාරියකට යන බව කියමිනි. ග්‍රාම නිලධාරිවරයා මෙන්ම ගමේ බොහෝ අයද සිය නමින් මේ ගැන අදහස් දැක්වීමට මැලිකමක් දක්වති.   


අම්මා උදේ රැයින් උයලා බැඳලා දෙන බත් පාර්සලය තම පෙම්වතාට කවන පෙම්වතිය සවස නිවසට යන්නේ කිසිවක් දන්නේ නැති නොදරුවෙකු මෙනි. බොහෝ අම්මලාට තම දරුවන් තම පණටත් වඩා විශ්වාසය. ‘‘ගෙදර බබා පාට් ද‌ාගෙන ඉන්න දරුවෝ මෙතන හැසිරෙන හැටි දැක්කොත් අම්මලා පිස්සු වැටිලා නැත්නම් වහ බීලා හරි මුහුදේ පැනලා හරි මැරෙනවා.’’ ප්‍රදේශවාසී කාන්තාවක් කීවේ උද‌ාහරණයක්ද ගෙන හැර පාමිනි.  


තමන්ගේ දරුවා ඉන්න ටියුෂන් පංතියට ආපු අම්මා කෙනකුට ටියුෂන් සර් කියලා තියෙන්නේ දුව අද පංති ආවේ නැහැ. ඕන නම් බීච් පාක් එකට ගිහිල්ලා බලන්න කියලා. ඒ කතාව ඒ අම්මා ශතපහකට විශ්වාස කරලා නැහැ. ඒත් පංති එනවා කියලා ගෙදරින් ආපු නිසා සැකේට ඇවිත් තියනවා බීච් පාක් එකට. එතනදී කොල්ලෙක් බද‌ාගෙන ඉන්න දුව දැකපු අම්මාට හිතාගන්න බැහැ. කොල්ලා දුවලා හැංගිලා.. කෙල්ලට ගගහ අම්මා ගෙදර ගියේ... දන්නවද මහත්තයෝ.... ඒ අම්මා එළි රෑවෙනකම් නිදිමරලා ලණු අඹරලා විකුණලා ගත්ත රුපියල් පන්සීය අරගෙන තමයි ඒ කෙල්ල උසස්පෙළ ටියුෂන් පංති එනවා කියලා බීච් පාක් එකට ඇවිල්ල තියෙන්නේ.....  


එක දවසක් කෙල්ලෙක් මූදේ පනින්න ගියා. එක දවසක් ටීචර් කෙනෙකුගේ දුවකට ලොකු ඇබැද්දියක් වුණා.. අර පේන ලිහිණිගලේ පිටරට විශ්ව විද්‍යාලයක දැරියකට අතවර කරලා.   


තව ඒවගේ සිද්ධි කීයක් තියනව‌ාද...? ඔය අපි දන්න ඒව.. අපිට නොපෙනෙන ඒවා තව කොච්චර ඇද්ද... මේක නම් මහා විනාශයක්...  


ඉස්සර නගර සභාවෙන් සිකුයුරිටි ද‌ාලා තිබුණු කාලේ මේවා ටිකක් අඩුයි... අද මේ ගැන හොයන්න බලන්න කවුරුත් නැහැ. එක දවසක් ඇඟේ නූල් පටක් නැතිව ඉන්න කපල් එකක් පොලිස් රාළහාමි කෙනකුගේ අතටම අහුවෙලා.. ‘‘ඉතිං මොකද වුණේ’’ මම ඇසුවෙමි. ‘‘මොනව වෙන්නද මේවට අතද‌ාලා යුනි​ෙෆා්ම් එක ගලවගන්න බැහැ’’ කියලා රාලහාමි ගියා...  


ඇමරිකන් තානාපති ඇවිල්ලා විවෘත කළේ අපරාදේ සල්ලි විනාශ කළා.. වැඩක් වුණේ නැහැ. මෙතන බීච්පාක් එකක් නෙවේ දැන් තියන්නේ... යැයි ප්‍රදේශවාසියකු කීවේ තරහිනි.  


දැන් මොනවද මේ ඔක්කොම සෙල්ලම් ටෙලි​ෙෆා්න් එකෙන්.... එක කොල්ල කෙල්​ෙලා දෙන්න අරන් ඇවිත් තියනවා දැක්කා.. මෙතන බංකුවල වාඩිවෙලා ත්‍රීවීල් ඇතුළේ බාර්..   


බැල්මට් ද‌ාන පෙරේතයෝ... කුඩුකාරයෝ අර ලැට් එක ඇතුළේ.... ගස්වලට කැලෑවට මුවාවෙලා... තනියම ආතල් ගන්නවා... උන්ට වෙන දෙයක් නැහැ... ඊට වැඩියේ සැපක් නැහැ.... එක බැල්මට් කාරයෙක් අම්බානකට ගුටිකෑව.... ලැජ්ජා නැතුව ටික වේලාවකින් ඌ එතනටම යනවා.  


මේ ඔක්කොම කරන්නේ අම්බලන්ගොඩට පිටින් එන අය.... මේ බීච් පාක් එකක් ද‌ාලා නගර සභාව ගමම කෑවා..  


බැල්මට් කාරයෝ බෝවෙලා මේ ගැන නගරය පාලනය කරපු ලොක්කෙකුට කිව්වාම එයා කිව්වේ ‘‘අනේ... ඇන්ටිලා... අංකල්ලා වයසයි නේ... මේක හැදුවේ කොල්ලෝ-කෙල්ලන්ට. ඔයගොල්ල පාඩුවේ ඉන්න...’’ කියලා කෝ... අපිට දැන් ඇස්වහගෙන කට පියාගෙන දොරවල් වහගෙන ඉන්න වෙලා තියෙන්නේ... මැදැයි ගමට කරපු අපරාදේ.... වැඩිහිටි කාන්තාවක කීවේ දොස් පවරමිනි.  
පොලිසියට පැමිණිලි කරන්න යන්නේ නැති උණාට... සමහර කෙල්ලෝ... ගෑණු රණ්ඩු කර කර යන්නේ... අඩ අඬා යන්නේ පොලිසිය බයයි... මේවා අල්ලන්න එන්නේ නැහැ. ඩීසල් ත්‍රීවීල් ඇවිත් කලුපාට රෙද්ද දෙපැත්තෙන් වහලා පාක් එක අයිනේ නවත්වාගෙන පැය ගණන් ඉන්නවා. ත්‍රීවීල් පැද්දෙනවා... මරලා ද‌ාලා ගියත් දන්නේ නැහැ.   

 


‘‘අපිට අපේ දරුවොත් එක්ක මූදේ නාන්න වැල්ලට යන්න බැහැ. අවුරුදු තිස්හතළිස් ගණන් අපි ගියපු වැල්ල. අද අපිට තහනම් කලාපයක් වගේ.. යැයි ප්‍රදේශවාසියකු කීවේ තවත් බොහෝ දේ කියමිනි. ඔහු කියූ ඇතැම් දේ මෙහි සටහන් කිරීමට නොහැකිය.  
නගර සභාව ලක්‍ෂ ගාණක් යටකරලා හදපු වැසිකිළි පද්ධතිය අද විනාශයි. ඔතන කපල් වගේම බැල්මට් කාරයොත් පිරිලා.  
‘‘රාත්‍රියට එන ත්‍රීවීල් මෙන්ම කාර්වලින් එන බොහෝ අය මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ද‌ාන්න ඕන සෙල්ලම් ද‌ාලා පිටවෙලා යන්නේ ගොඩක් රෑවෙලා.. මුන්ට රැයක් දවාලක් නැහැ.’’  


නගරයේ කඩසාප්පුවලට එන ඇතැම් තරුණියන්ද මෙහි එන බව ප්‍රදේශවාසීහු කියති.  


‘‘දැන් ගල්බැම්ම හැදුවට පස්සේ හිඩැස් තැන් ඇතුළට කෙල්ල බැහැලා කොල්ල උඩ වාඩිවෙලා ඉන්නවා. පිට ඉඳන් බලනකොට කොල්ල විතරයි පේන්නේ. කෙල්ල ඇතුළේ කියන්නත් ලැජ්ජයි. ගල්බන්ට් එකේ කපල් ඕනෑ තරම් ඉන්නවා... මුන්ට සිහියක් නැහැ පත්තර පිටු ගාණක් ලියන්න ඒවා තියනවා. ඒත් කියන්න ලැජ්ජයි.. ඔය තාප්පෙන් වටවෙලා තියන ආද‌ාහනාගාරයට දෙනෝද‌ාහක් එනවා. තාප්පෙන් එබිලා බැලුවොත්.. කියලා වැඩක් නැහැ.. මළමිනී නැගිටලා ආවත් දන්නේ නැහැ. ලස්සනට වැදගත්කමට තිබුණ ගම අද ඉවරයි..... විනාශයි....’’ ප්‍රදේශවාසීන් මා සමඟ පැවසුවේ කනස්සල්ලෙනි.   


රෑට එන කාර්... ත්‍රීවීල් ලයිට් නිවාගෙන ඉන්නේ... ළඟදී කාරෙකක ආපු නෝනයි... මහත්තයයි ගහගත්තා.. නෝනා මහත්තයාට බෝතල් පාරක් ගැහුවා... මම 119ට කතා කරලා කිව්වා... පොලිසියෙන් ආවා... වැඩක් ​උණේ නැහැ.. මට මම ගැන ලැජ්ජ හිතුණා..  
මේ පිළිබඳව අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහින්ද විල්ලෝරා ආරච්චි මහතාගෙන් විමසුවෙමු. 


‘‘අපේ මට්ටමින් අපි උපරිම දේ කරලා තියනවා.. තදබල විදියට තිබුණ හෙරොයින් ජාවාරම නැත්තටම නැති කළා... ඔය ප්‍රදේශයේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරු රක්‍ෂිත බන්ධනාගාර ගත කළා.  


පටබැඳිමුල්ල ඔය හරියේ වැඩිපුර ඉන්නේ ධීවර ජනතාව.... ජනතාව නගන චෝදනාව බැහැර කරන්නේ නැහැ. හැකි සෑම අවස්ථාවකදීම මේ ගැන කටයුතු කර තිබෙනවා. මේ ගැන අද‌ාළ අංශ දැනුම්වත් කර තිබෙනවා.  


පාසල් ළමුන් වගේ තරුණ ජෝඩුවල මාපියන් පොලිසියට ගෙන්වලා අවවාද කළා. ගංජා බියර් පානය කරලා ඉන්න අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඕනෑම කෙනෙකුට බීච් එකේ ඉන්න පුළුවන්.. හැබැයි අනාචාරයේ හැසිරෙන්න බැහැ හෝටල්, ලැඟුම් හල් හිමියන් දැනුම්වත් කර තිබෙනවා. ඔවුන් ගැන හැම සතියකම අපි අද‌ාළ අංශවලට වාර්තාවක් යවනවා. ළමා හා කාන්තා කාර්යංශ නිලධාරීන් වගේම සිවිල් ආරක්‍ෂක කමිටු නිලධාරින් දැනුම්වත් කර තිබෙනවා.’’ ස්ථානාධිපතිවරයා කියයි.

 
අම්බලන්ගොඩ පටබැඳිමුල්ල වෙරළ උද්‍යානය ලොකු කුඩා ජනතාවට නිදහසේ ගතකළ හැකි සැබෑ ලෙසම වෙරළ උද්‍යානයක් වනු දැකීම කාගේත් අපේක්‍ෂාවය.. නැතහොත් එම භූමිය වෙනත් වැදගත් කටයුත්තකට යොද‌ාගැනීමට බලධාරින් ක්‍රියාකල යුතුය. පටබැඳිමුල්ල වෙරළ උද්‍යානය පාළුවට හෝ කැලෑවට යාමට ඉඩ නොදිය යුතුය. මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ මෙන්ම බැල්මට් කාරයන්ගේ පාරාදීසයක් වූ මේ අඩවිය ආදර මායාවට හසුව එහි පැටලී ප්‍රේමදඩයමට අසුවූ අපේ අනාගත මල්කැකුළු ආකාලයේ පරව යන සුසානයක් වැනිය.  


අහස් කුසද කළුවර වී හඬා වැටුණේ සොබාදම් මාතාවටද මෙවන් දසුන් බලා සිටිය නොහැකි නිසා විය යුතුය. මහවැස්සේම මා එතැනින් පිටව ආවෙමි. බලාගෙනයි.... පරිස්සමින්....   


බීච් පාක් එක පිටුපස හා ආද‌ාහනාගාරය පිටුපස ගල් බන්ට් එකට ගොඩ වූ මා එහි ඇවිද ගියෙමි. රෑන කැලයේ හා අවට වෙරළේ තැනින් තැන දමා තිබූ යට ඇඳුම් තිසර පට මෙන්ම ලේන්සු වැනි රෙදි කෑලි දක්නට ලැබුණි.   


මුහුදේ මීටර් පන්සියක් පමණ ඈතින් පිහිටි සුදෝ සුදු ලිහිණිගල දෙස බැලුවෙමි. සියදහස් ගණනක් ලිහිණි සිටි ලිහිණි ගල අද පාළුවට ගොසිනි.  


ආද‌ාහනාගාරය පිහිටි පොදු සුසානභූමියද පාළුවට ගොසිනි. ජීවත්වන්නවුන්ට නොව මළවුන්ටවත් මෙම ඇසැබි නිරුවත් දසුන් බලා සිටිය නොහැකි යැයි සිතේ.

චාරිකා සටහන හා ඡායාරූප: අම්බලන්ගොඩ - 
හේමන්ත ද සිල්වා



අදහස් (0)

පුංචි ළමයි එක්ක බීච් පාක් එකට නම් යන්න එපා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5253 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site