IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ප්‍රථම කුඹල් පෙරහැර බලන්න ගැබිනියන් අලුත් මව්වරුන් පොරකන රහස?

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා අතීත රජ දවසේ සිට මහනුවර ඓතිහාසික කන්ද උඩරට පුරවරයේ ඇසළ පෙරහැර හෙවත් දළදා පෙරහැර පවත්වන්නට යෙදුණේ රටතුළ වැසි වැස භවභෝග සම්පත් ඵලදාව වැඩිවී වී අස්වනු සරුසාර වී රට බත බුලතින් ස්වයං පෝෂිත වී රටේ ජනී ජනයාට මෙන්ම රාජ්‍ය පාලකයාට ද ඉන් වාසනාවන්ත වූ සශ්‍රීක කාල වකවානුවක් උදාවෙනවායි යන අධිෂ්ඨානය පෙරදැරි කරගෙන බව, දළදා පෙරහැර පිළිබඳව ඉපැරණි ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.   

දැඩි නියං කාලය නිමාවී දළදා පෙරහැරත් සමඟ රටට වැසි වසින්නට පවා දළදා පෙරහැර විථි සංචාරය කරමින් තිබිය දී ඒ ​ෙඓශ්චර්යය මනාව දැක ගත හැක.   


ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර සඳහා කප් සිටුවීම චාරිත්‍රානුකූලව නැකැත් අනුව සිදුකිරීමෙන් අනතුරුව දේවාල අභ්‍යන්තරයෙහි පෙරහැර පැවැත්වෙයි. එ් සමය තුළ දී වරින් වර මහනුවර පුරවරයට වැසි ඇද වැටෙනු ඇත.   


මහනුවර වැස්සෙන් පෙරහැර ළංවන දින ගැන දැන සිටිති. ඔවුහු ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන්ට පුෂ්පෝපහාර දක්වන නිසිකලට වැසි වැසී යයි ප්‍රාර්ථනා කරති.   


මහනුවර ඇසළ පෙරහැර ආරම්භ කිරීම සඳහා දළදා වහන්සේ තැන්පත් කර ඇති රන් කරඬුව තැන්පත් කර තිබෙන විශේෂ කුටියේ සමීපයේ පෙරහැරේ වැඩම කරවන සධාතුක කරඬුව තැන්පත් කර තිබේ.   


පෙරහැර ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට කලින් දින ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසාත් දෙවියන් සතුටු කරවීම උදෙසාත් පිරිත් දේශනාවක් පැවැත්වීමට කටයුතු කෙරේ. ඉන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර වීථි සංචාරය කරවීමට පෙරහැර සංවිධාන කටයුතු භාරව සිටින පර්ශ්වය සියලු කටයුතු සූදානම් කරනු ලබයි.   

ශ්‍රී දළඳා මාළිගාවේ දී දෙවිවරුන්ට පිං පමුණුවා ප්‍රථම කුඹල් පෙරහැර ආරම්භ කරන්නට පෙර මහනුවර නගරය තුළ සහ නගරය අවට ගම්මානවල ජනී ජනයා බාල මහලු වැඩිහිටි තරුණ සෑම දෙනෙක්ම මහනුවර නගරයේ පෙරහැර ගමන් ගන්නා ප්‍රධාන වීථිවලට එක්රොක් වෙති. ඇතමුන් මෙදින උදේ වරුවේ මහා නුවර පුරවරයට පැමිණ පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ දෙපස පදික වේදිකා වෙහි ඉටිරෙදි කඩදාසි එළාගෙන බිම වාඩි වී පෙරහර වීථි සංචාරය කෙරෙන මොහොත ළඟාවනතුරු නොයිවසිල්ලෙන් බලා සිටිති.   
විශේෂයෙන් කුඩා බිලිඳුන්, කුඩා දරුවන් වයස්ගත රෝගාතුර තත්ත්වයේ පසුවන වැඩිහිටියන්, ගැබිනි මවුවරුන් මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහැර නරඹීමට පැමිණෙන්නේ එම පෙරහැර නැරඹීමෙන් සියලු වස් දොස් දුරුවී තමන්ට යහපතක් නිරෝගී සුවයක් ලැබෙන බවට අතීතයේ සිට කන්ද උඩරට ග්‍රාමවාසී ජනතාවගේ මුඛ පරම්පාරාවෙන් පැවත ජනප්‍රවාදයක් අනුවය. එය සත්‍යක්සේ මේ වන විට කන්ද උඩරට බොදු ගැමි සමාජය තුළ ඉතා මැනවින් කිඳා බැස තිබේ. ප්‍රථම පෙරහැර වීථි සංචාරය කිරීම සිය දෑසින් දැක බලා ගෙන පෙරහැර කරඬුවට දෑත් එක්කොට වන්දනා කිරීමෙන් තම සිත තුළ ඇතිකරගන්නා අධිෂ්ඨාන බොහෝ දුරට ඉටුවන බවට කන්ද උඩරට ජනතාවගේ දැඩි විශ්වාසයක් පවතියි.   

ගැබිනි මව්වරුන්ට හා කුඩා දරුවන්ට ප්‍රථම කුඹල් පෙරහැර දැක බලාගන්නට පෙරහැරෙ හස්ති රාජාගේ පිට මත වැඩ සිඳුවා වඩම්ම වන පෙරහැර සධාතුක කරඬුවට වන්දනාමාන කිරීමටත් අවස්ථාව සලසාදීමට බොහෝ දෙනා කැමතියි.   


බොහෝ ගැබිනියන් පවසන්නේ පළමු කුඹල් පෙරහැර නරඹා සිතෙහි පුණ්‍ය ප්‍රබෝධය ඇති කරගත් විට තම බිලිඳා උපත ලැබූ පසු එම බිලිඳා දළදා වහන්සේ අභිමුවට රැගෙන ගොස් දළදා වහන්සේ​ෙග් ආශිර්වාදය ලබාගත හැකිවේවායි යන ප්‍රාර්ථනාවෙන් තමන් දරු ප්‍රසූතියට යොමුවීම තම ප්‍රාර්ථනා අනුවම දරු උපත සිදුවී තම බිලිඳා දළදා වහන්සේගේ අභිමුවට රැගෙන ගොස් ආශිර්වාද ලබාගැනීමෙන් තම සිත පුණ ප්‍රබෝධයට පවත්වන බවයි.   


අද ද ශ්‍රී දළදා වහන්සේ අභිමුවට තම අලුත උපන් බිලිඳා රැගෙන විත් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මවුවරු පොරකති.   
ඇතැම් ඊනියා මිසදිටු ප්‍රජාව දළදා වහන්සේ පිළිබඳව විවිධ නොසරුප් මත පළ කළ ද දළදා වහන්සේගේ ​ෙ​ෙඑශ්චර්ය අතීතයේ පැවති දළදා වැස්සෙන් පසුව පසුගිය සෙනසුරාදා (29) අලුයම මහනුවර පුරවරයට ඇද හැළුණු මහා වර්ෂාවත් සමඟ මහනුවර පුරවයෙන් දළදා මැදුරු සීමාවෙන් එහා නාගරික ප්‍රදේශයක් මුළුමනින්ම මහා ජල කඳකින් යටවූවද දළඳා සමිඳුන් වැඩ සිටි දළඳා මාළිගා පරිශ්‍රය හෝ මහනුවර නගරය තුළ හෝ එවැනි තත්ත්වක් අැති නොවී ප්‍රථම කුඹල් පෙරහැර එදින නිරුපද්‍රිතව සියලු ජනයා නැරඹීමෙන්ම දළඳ‌ා වහන්සේගේ ඓශ්චර්යය මැනවින් මහනුවර වැසියෝ අවබෝධ කරගත්හ.  


පළමු කුඹල් පෙරහර නරඹන්නට තම කුඩා දරුපැටවුන් මෙන්ම ගැබිනි මවුවරුන්ද එදින පෙරහර මගට බැස්සේ ඔවුනට නිතැතින්ම ශ්‍රී දළඳ‌ා වහන්සේගේ ආශිර්වාදය ලැබෙන බවට ඔවුන් තුළ තිබෙන ඉපැරණි විශ්වාසය නිසා බව ඔවුහු අප හා පැවසූහ.  

අතීතයේ රටේ රාජ්‍ය පාලකයා වූ රජු ද අනෙකුත් මැති ඇමැතිවරු ඒ ඒ දිසාවන් පාලනයේ නියුතු වූවෝද මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර පවත්වන්නට ශ්‍රී දළඳ‌ා පරිශ්‍රයට හා මහනුවරට රැස් වූ බවට අතීත පොත්වල මැනවින් සඳහන් වෙයි. ඒ සමයේ මහනුවර සහ අවට ගම්නියම්ගම්වල වැසියෝද තම දරුමල්ලන් කැටුව මහනුවර පුරවරයට පැමිණ ශ්‍රී දළඳ‌ා පෙරහැර දැකබලා ගත්බවත්, එලෙස දළඳ‌ා පෙරහර දැක බලාගෙන තම දරුමල්ලන් වසර පුරාම නිරෝගීව සිටිත්වායි, දළඳ‌ා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගෙන තිබේ. ​  


​ෙරා්ග පීඩාදියෙන් පෙළුණු ජනී ජනයා මෙන්ම කුඩා ළදරුවන් හා ගැබිනි මාතාවන්ද මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහැර නරඹන්නට, පෙරහර පැවැත්වෙන දිනවලට මහනුවර පුරවරයට පැමිණෙන්නට හේතු වී ඇත්තේ දළඳ‌ා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනිමින් සියලු වස් දොස් දුරුකර ගැනීමේ අටියෙන් බවත් එය අතීතයේ සිට මහනුවර වැසියන්ගේ සිත් තුළ ඇති වූ විශ්වාසයක් බවත් මහනුවර ඓතිහාසික කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු බණ්ඩාරතිලක වලිසුන්දර මහතා අප හා ප්‍රකාශ කළේය.  


ප්‍රථම කුඹල් පෙරහර දැකබලාගෙන වසර පුරාම ඊළඟ වසරේ ඇසළ පෙරහැර ආරම්භ වන තෙක්ම දළඳ‌ා සමිඳුන්ගේ ආශිර්වාදය තමන් වෙත ලැබෙන බවට මහත් වූ භක්තියක් විශ්වාසයක් ඇති මහනුවර පුරවරයේ ජනතාව නොවරවාම මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහැර දැක බලාගන්නට ඔවුන්  පැමිණෙති. මෙවරද ප්‍රථම කුඹල් පෙරහැර නැරඹීමට පැමිණි ඉතා වයෝවෘද්ධ, නිසි පරිදි ඇවිද ගැනීමට පවා අපහසු වූ වැඩිහිටියන් සඳහා අපද විවිධ අවස්ථාවන්හි එම ජනතාවට උදව් ලබාදුනිමු. භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙරහර නැරඹීම සඳහා ශ්‍රී දළඳ‌ා මාළිගාවේ අනුග්‍රහය මත විශේෂ ආසන සහිත මඩුවක් ඉදිකර තිබූ අතර, ගැබිනි මාතාවන් කීප දෙනෙකු ද ප්‍රථම කුඹල් පෙරහැර නැරඹීමට පැමිණ සිටිය දී භික්‍ෂූන් වහන්සේලා එම ගැබිනි මවුවරුන් කෙරෙහි කරුණාව උපදවා ඔවුනට අසුන් ගැනීමට පුටු කිහිපයක් ලබා දීමට ක්‍රියාකළ ආකාරයෙන්ම ගැබිනි මවුවරුන්ට දළඳ‌ා පෙරහැරේ ආශිර්වාදය නිතැතින්ම ලැබෙන බවට හොඳම උද‌ාහරණයයි.  


ප්‍රථම කුඹල් පෙරහර නැරඹීමට පැමිණෙන ගැබිනි මවුවරුන් වැඩි දෙනෙකු පැවසුවේ පළවෙනි කුඹල් පෙරහැර දැක බලාගෙන පෙරහැරේ හස්තියා පිට වැඩම කරවන  සධාතුක කරඬුව වැඳ ප්‍රාර්ථනාවක් කරමින් තම බිලිඳුන් නිරුපද්‍රිතව මෙළොවට බිහිකිරීමෙන් පසු එම බිලිඳුන්ට මාස තුනක් සපිරුණු පසු ඔවුන් දළඳ‌ා සමිඳුන් ඉදිරිපිටට රැගෙන ගොස් ආශිර්වාද ලබාගන්නා බවය.   
එම චාරිත්‍රය දළඳ‌ා සමිඳුන් ඉදිරියේ ද නොකඩවා සිදු කෙරෙයි.   


ජේ.ඒ.එල්. ජයසිංහ  

 



අදහස් (0)

ප්‍රථම කුඹල් පෙරහැර බලන්න ගැබිනියන් අලුත් මව්වරුන් පොරකන රහස?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site