IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


විශ්වයේ ඈතට ගිය රොබෝ යානයෙන් පණිවුඩයක්

 

‘වොයේජර් 1 සහ 2’ රොබෝ නිවුන් යානා ගැන දන්නවාද? අප සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක ගවේෂණයේ යෙ​ෙදමින්, සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ගිය, මිනිසා නිර්මාණය කළ පළමු සහ එකම යානා වන්නේ වොයේජර් 1 සහ 2 ය. මෙම යානා ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවන්ගේ විස්මිත නිර්මාණයකි. මේ යානා නිර්මාණය සිදුවූයේ මිනිසා සඳ තරණයත් සමඟ 60 සහ 70 දශකයේය. ඒ එදා පැවැති තාක්ෂණය යොදා ගනිමිනි. 


‘වොයේජර් 1’ යානය, 1977 වසරේ සැප්තැම්බර් 5 වැනිදා පෘථිවියෙන් නික්ම ගියේය. 1979 දී ‘වොයේජර් 1’ බෘහස්පති අසලින් ගියේ බෘහස්පතිගේ වැදගත් දත්ත රැසක් අප වෙත එවමිනි. 1980 වසරේ නොවැම්බරයේ ‘වොයේජර් 1’ සෙනසුරු අසලින් ගියේය. ඉන්පසු නොකඩවා දිගටම ගමන් කරමින් සෞර ග‍්‍රහ මණ්ඩලයේ සීමාව පසු කරමින්, විශ්වයේ ඈතට ගමන් කළේය. 


‘වොයේජර් 1’ මෙන් නොවෙයි, ‘වොයේජර් 2’ රොබෝ යානයේ ගමන තරමක් සෙමින් සිදුවෙයි. ‘වොයේජර් 2’ අභ්‍යවකාශ ගත කෙරුණේ ‘වොයේජර් 1’ පිටත්වී සතියකින් වුවත්, ‘වොයේජර් 2’ බෘහස්පති අසලට පැමිණියේ 1979 ජූලි මාසයේය. සෙනසුරු අසලින් ගමන් කරමින් සෙනසුරුගේ දත්ත අපට එවීම කළේ 1981 අගෝස්තු මාසයේදීය. වොයේජර් යානා බෘහස්පතිගේ ගුරුත්ව බලය යොදා ගනිමින්, එම ගුරුත්ව බලයේ වේගයෙන් සෙනසුරු වෙත යෑමට කටයුතු කළේය.  1986 වෙද්දී යානා දෙකම, යුරේනස් සහ නෙප්චූන් පසු කර තිබුණි. 


මේ මොහොත වෙද්දී, සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ගිය ‘වොයේජර් 1 සහ 2’ යානා, විශ්වයේ ඈතට ගමන් කරමින් සිටින බව නාසා කියයි. සූර්ය බලයෙන් පණ ගැන්වෙන යානා 2020 වෙද්දී,  අක්‍රීය වනු ඇති බව පැවැසුවත්, ඒවා තවමත් හොඳින් ක්‍රියාත්මක බව නාසා ආයතනය පසුගිය 5 වැනිදා අනාවරණය කළේය. 

 

 


ඒ, ‘වොයේජර් 2’ යානයෙන් රේඩියෝ සංඥා මාර්ගයෙන් අප නොදන්නා ඈත විශ්වයේ දත්ත රැසක් ලැබීමත් සමඟය. වොයේජර් යානා මේ වනවිට ඇත්තේ පෘථිවියේ සිට සැතපුම් බිලියන 12 කට වඩා දුරිනි. ලැබෙන සංඥා මේ වනවිට කෙමෙන් කෙමෙන් දුර්වල වෙමින් පවතින බව ද නාසා විද්‍යාඥයෝ කියති.


ලැබුණු සංඥා විශ්ලේෂණය කිරීම අරම්භ කළ බව නාසා විද්‍යාඥයෝ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළහ. ‘අප සෞරග‍්‍රහ මණ්ඩලයේ රහස් පමණක් නොව, දැන් සෞරග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති රහස් අනාවරණය කර ගැනීමටත් වසර 40 කට පමණ පෙර පෘථිවියෙන් නික්මුණු වොයේජර් 2 සමත් වී තිබෙනවා. සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙන් ඇත්තේ මොනවාදැයි අප හරියට දන්නේ නැහැ. ඒ ගැන පැහැදිලි අවබෝධයක් ගන්න වොයේජර් 2 යානයේ දත්ත සමත් වේවි.’ යැයි නාසා විද්‍යාඥයන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.


වොයේජර් යානාවලට ඵලකයක් සම්බන්ධ වෙයි. මේ ඵලකයේ නිරුවතින් සිරින මිනිස් සහ කාන්තා රුවක් සිතුවම් කර ඇත. ඊට අමතරව වෝයේජර් යානා තුළ ලෝකයේ සෑම භාෂාවක්ම අඩංගු හඬ පට ඇතුළත් වෙයි. පෘථිවි ජීවින්ගේ හඬ පට ද ඇතුළත් වෙයි. විශ්වයේ ඈත කෙළවර, අපට වඩා බුද්ධිමත් ජීවින් පිරිසක් සිටින්නේ නම්, පෘථිවියේ අප සිටිනවා බව ඇඟවීම මෙහි අරමුණ වෙයි.

 

ලූසිත ජයමාන්න
‘ද ගාඩියන්’ ඇසුරිනි



අදහස් (4)

විශ්වයේ ඈතට ගිය රොබෝ යානයෙන් පණිවුඩයක්

sudath Monday, 11 November 2019 12:28 AM

තෝරාගත් භාෂාවල හඬ පමණයි එහි අන්තර්ගත වුනේ. ඉන් එකක් සිංහල.

:       0       6

Upani Wednesday, 13 November 2019 02:34 PM

ඉතා හොඳයි. මන් කැමතියි වැඩි විස්තර දැනගන්න

:       0       2

pakeer Thursday, 14 November 2019 04:54 AM

සිංහල භාෂවෙන් තියෙන්නේ " ආයුබෝවන්" කියලා

:       0       1

සෙනෙවිරත්න Friday, 15 November 2019 08:19 AM

හෙළයා , හීලියම් , ග්‍රික භාෂාවෙන් සූර්යාට හේලි , යන වචනවල සමානත්වය අනුව සිංහල භාෂාවට විශේෂ තැනක් ලැබී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1002 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site