
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සමඟ ජීවත් වෙනවා හැර අපට වෙන විකල්පයක් නැත. ‘කොවිඩ් 19‘ වයිරසයට එන්නත් නිපදවීම ලහිලහියේ සිදුවුවත්, එම කටයුතු අවසන් වනු ඇත්තේ තව මාස 8 කින් හෝ 9 කින් යැයි පැවැසෙයි. කෙසේ නමුත් මේ වනවිට ‘කොවිඩ් 19’ ගැන අප අනාවරණය කරගත් දේ බොහෝය.
මූලාරම්භය අබිරහසක් වුවත්, ‘කොවිඩ් 19’ යනු ක්ෂීරපායී සතුන් හරහා මනුෂ්‍ය අපට බෝ වන කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. ‘කොවිඩ් 19’ වයිරසයේ ජාන ව්‍යුහය ද හොඳින් හඳුනා ගැනීමටත් වයිරසය කෘත්‍රිමව රසායනාගාරයක් තුළ නිපදවීමටත් විද්‍යාඥයෝ සමත් වී සිටිති. ‘කොවිඩ් 19‘ වයිරසයේ බලපෑම සම්බන්ධයෙන් මෙසේ කරුණු අනාවරණය වෙද්දී, රුධිර ගණය අනුව, එහි බලපෑම වෙනස් වන බව යුරෝපා රටවල වෛද්‍ය පර්ෙය්ෂකයන් පෙන්වා දී තිබේ.
ප්‍රධාන රුධිර ගණ ඇත්තේ 4 කි. ඒවා නම්, ‘ඒ’, ‘බී’, ‘ඒබී’ සහ ‘ඕ’ ය. ‘ඒ’ වර්ගයේ රුධිර ගණය ඇති නම්, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වුවහොත්, අධිරුධිර පිඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ නම්, එම රෝගී තත්ත්වයන් ඖෂධ මඟින් පාලනය කර ගෙන නැතිනම්, වයිරසයෙන් එල්ල වන අවදානම ඉතා වැඩිය. වයිරසය ඔබට මාරාන්තික වෙයි.
ඔබට ඇත්තේ ‘ඕ’ ගණයේ රුධිරය නම්, වයිරසයෙන් එල්ල වන බලපෑම ඉතා අඩුය. වයිරසය ආසාදනය වීමත් අඩුය. වයිරසය ආසාදනය වූවත් ඉක්මනින් සුවය ලැබීමට හැකියාව ලැබෙන බව ද පැවැසෙයි. මේ බව තහවුරු වූයේ ඉතාලිය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්ෙය්ෂකයන් රෝගීන් 2,000 ක පිරිසක් යොදා ගෙන කළ අධ්‍යයනයකට පසුවය.
නිසි ප්‍රතිකර්මයක් තවමත් නැතත්, දැනට පවතින අතුරු ආබාධ කිසිවක් නැති, මිල අඩු ස්ටෙරොයිඩ වර්ගයේ ඖෂධයකින්, ‘කොවිඞ් 19’ අඩපණ කළ හැකි බව මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්ෙය්ෂකයෝ පවසති. එය සැබැවින්ම සැනසිල්ලකි. මෙම ඖෂධය ‘ඩෙක්සාමෙතසෝන්’ ය. අඩු මාත්‍රාවකින් යුත් ස්ටෙරොයිඩයක් වන මෙයරෝග, අසාත්මිකතා, ඇදුම, දරුණු පෙනහලු ආසාදන සඳහාත්, ක්ෂයරෝගීන්ට ප්‍රතිජීවක සමඟත් ලබා දෙයි.
ලුසිත ජයමාන්න
‘ද සන්‘ ඇසුරිනි
2025 දෙසැම්බර් මස 18
497
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුධිර ගණයට අනුව කොරෝනා වයිසරයේ බලපෑම වෙනස් වෙනවා:
කලවානේ කිරියා Sunday, 19 July 2020 09:37 AM
ඉතින් B සහ AB වලට කොරෝනා හැදෙන්නෙම නැද්ද.?