IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝලා වලසුන් බේරා ගැනීමට සටන් කරන අවුරුදු හයේ පුතා

 

 

ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ හින්ග්හැම් හි ජීවත්වෙන අවුරුදු හයක පුංචි පුතෙක් ඕස්ට්‍රේලියාවේ ළැව් ගින්නෙන් අසරණ වුණු කෝලා වලසුන් බේරා ගැනීමට පුංචි පහේ මෙහෙයුමක් දියත් කර තිබේ. 


ඕවන් කොලී නමැති මෙම පුංචි දරුවා ළැව්ගිනි හේතුවෙන් සතුන්ට හානි සිදුවී ඇත්දැයි මවගෙන් අසා ඇති අතර, සතුනට හානි සිදුවී තිබෙන බව මව කියා සිටීමෙන් පසු ඔහු නිහඬව චිත්‍රයක් ඇඳ ඇත. එහි දැක්වෙන්නේ කෝලා වලසෙකු කැන්ගරුවෙක් සහ ඩිංගෝ නමැති සුනඛයෙක් වැනි පෙනුමක් ඇති ක්ෂීරපායී සතෙක් වැස්සේ හිටගෙන ඉන්නා ආකාරයයි. ඔහුගේ පැතුම වූයේ ඕස්ට්‍රේලියාවට වැසි වැටීමයි. 


ඒ අසරණ වූ සතුන්ට උදවු කිරීමට තමාට අවශ්‍ය බව ඔහු පැවසූ අවස්ථාවේ ඔහුගේ මව ඉදිරිපත් වී කෝලා වලසුන් මැටියෙන් හදමු යැයි දරුවාට යෝජනා කර ඇත. ඒ අනුව ඕවන්ගේ මාපියෝ එකතු වී, ඕස්ට්‍රේලියාවේ සවුත් වේල්ස්හි වන සතුන් බේරාගන්නා වැඩසටහනකට මුදල් බැර කිරීමට වැඩපිළිවෙළක් සැකසූහ. ඒ ආයතනයට ඇමරිකානු ඩොලර් 50ක් හෝ ඊට වැඩි මුදලක් බැර කරන අයට ඔවුන් විසින් නිර්මාණය කළ අළු පැහැ කුඩා කෝලා වලසෙකු යවනු ලැබේ. පුංචි ඕවන් දැනට කෝලා වලසුන් 55ක් පමණ නිර්මාණය කර ඇත. 


සතියක් ඇතුළත ඇමරිකානු ඩොලර් 20000කට වැඩි මුදලක් සොයා ගැනීමට ඔවුනට හැකිවී තිබේ. ඔවුනට කොතරම් මුදල් ආධාර ගලා එන්නට වූයේද කිවහොත් මුදල් කළමනාකරණය සඳහා වෙනම වෙබ් අඩවියක් පවා නිර්මාණය කර තිබේ. 

 

 


නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් සතුන් බිලියන භාගයක් පමණ ගින්නට ගොදුරු වී ඇතැයි කියැවේ. අනෙකුත් ප්‍රාන්තවල සතුන් මිලියන ගණනක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ගින්නෙන් යන එන මං අහිමි වී සිටින සතුන්ට වාසස්ථාන සැකසීම, ඔවුනට ආහාර සැපයීම ආදී කටයුතු සඳහා මෙම අරමුදල් යොදාගැනීමට අපේක්ෂිතයි. 
පුංචි ඕවන්ගේ පියා හැදී වැඩී තිබෙන්නේ සිඩ්නි නගරයේදී වීමත්, ඕවන්ගේ කුඩා වියේදී ඔහුද මාස කිහිපයක් එහි ගත කිරීමත් හේතුවෙන් ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ බැඳියාවක් ඇතැයි ඔහුගේ මව කියා සිටින්නීය. ඔහුට නැවත එහි යන්නටත් වුවමනා වී ඇත. ඒ සඳහා මේ සුදුසු අවස්ථාව නොවෙන බව කියා ඔහුගේ මව ඔහු නවතාගෙන සිටින්නේ අසීරුවෙනි.

 


අන්තර්ජාලය ඇසුරිනි. 
නිසංසලා



අදහස් (1)

කෝලා වලසුන් බේරා ගැනීමට සටන් කරන අවුරුදු හයේ පුතා

Sitha Paranavidhana Saturday, 25 January 2020 04:58 AM

මේ දරුවාට විශිෂ්ඨ හදවතක් ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site