ලෝකෙන් ටිකක්

අසල්වැසි ඉන්දියාව, තව වසර දෙකකින්, එනම් 2022 වසරේ දී, ගගනගාමීන් යොදා ගනිමින් අභ්‍යවකාශ මෙහෙයුමකට සූදානම් වෙයි. ඊට පෙරමඟ සකස් කිරීමක් ලෙස මානවරූපී රොබෝවකු අභ්‍යවකාශයට යවන බව ‘ඉස්රෝ’ කියයි. ‘ඉස්රෝ’ යනු ඉන්දීය අභ්‍යවකාශ පර්ෙය්ෂණ ආයතනය කෙටියෙන් හැඳින්වෙන නාමයයි. ඉන්දීය අභ්‍යවකාශ පර්ෙය්ෂණ ආයතනයට මෙය ලොකු පිම්මකි. මානවරූපී රොබෝ තරුණියකි. ඇය නම් කර ඇත්තේ ‘වියෝමිත්‍රා’ යනුවෙනි.
‘වියෝමිත්‍රා’ අර්ධ රොබෝවෙකි. නිර්මාණය කර ඇත්තේ ඉනෙන් ඉහළ කොටස පමණය. පාද නැත. ඉන්දීය අභ්‍යවකාශ පර්ෙය්ෂණ ආයතනය ‘වියෝමිත්‍රා’ අභ්‍යවකාශයට යැවීමට සූදානම් වෙන්නේ මෙම වසර අවසානයේ එනම් ලබන දෙසැම්බරයේය.
පෙනුමින් තරුණියක වැනි වුණත්, පාද නැතත්, ඇවිදීමට නොහැකි වුණත්, ‘වියෝමිත්‍රා’ ට කළ හැකි දේ බොහොමය. ඇයට භාෂා දෙකක් හොඳින් කතා කිරීමට පුළුවනි. මිනිසුන්ගේ මුහුණු හඳුනා ගැනීමට හැකිය. ප්‍රශ්නයක් ඇහුවොත්, පණ ඇති තරුණියක මෙන්, ඊට තර්කානුකූලව පිළිතුරු දිය හැකිය. දෙසැම්බරයේ ‘වියෝමිත්‍රා’ අභ්‍යවකාශයට යැවෙන්නේ තනිවමය. ඇයට පර්ෙය්ෂණ කීපයක් සිදු කිරීමට පැවැරෙනු ඇත. 2022 වසරේ දී ඉන්දීය ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට පෙරමඟ සකස් කිරීමක් ලෙස මෙම පර්ෙය්ෂණ ඉවහල් වනු ඇති බව ‘ඉස්රෝ’ පෙන්වා දෙයි.
පසුගිය දා ‘ඉස්රෝ’ විද්‍යාඥයන් මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ, ‘වියෝමිත්‍රා’ හඳුන්වා දීමට ය. ඉන්දීය මාධ්‍යවේදීන් පමණක් නොව, විදෙස් මාධ්‍යවේදීහු ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ. ‘වියෝමිත්‍රා’ හඳුන්වා දීම අපූරු අත්දැකීමක් විය. ‘හායි කොහොමද? මම වියෝමිත්‍රා. ඉන්දියාවේ පළමු මානවරූපී අර්ධ රොබෝවරිය මමයි’ යැයි මාධ්‍යවේදීන් හමුවේ, ‘වියෝමිත්‍රා’ පැවැසුවාය. ‘මට පුළුවන් ඔබට සහාය වෙන්න. මට පුළුවන් ගගනගාමීන් හඳුනා ගන්න. ඔවුන්ට සහාය වෙන්න. ඔවුන්ගේ භාෂා පරිවර්තිකාවක වෙන්න’ යැයි ‘වියෝමිත්‍රා’ මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.
ලුසිත ජයමාන්න
එන්.ඩී.ටීවී. ඇසුරිනි
2025 දෙසැම්බර් මස 18
634
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩ යන්න හදන ඉන්දීය රොබෝ කෙල්ල