IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උඩ යන්න හදන ඉන්දීය රොබෝ කෙල්ල

ලෝකෙන් ටිකක්

 

අසල්වැසි ඉන්දියාව, තව වසර දෙකකින්, එනම් 2022 වසරේ දී, ගගනගාමීන් යොදා ගනිමින් අභ්‍යවකාශ මෙහෙයුමකට සූදානම් වෙයි. ඊට පෙරමඟ සකස් කිරීමක් ලෙස මානවරූපී රොබෝවකු අභ්‍යවකාශයට යවන බව ‘ඉස්රෝ’ කියයි. ‘ඉස්රෝ’ යනු ඉන්දීය අභ්‍යවකාශ පර්​ෙ‌ය්ෂණ ආයතනය කෙටියෙන් හැඳින්වෙන නාමයයි. ඉන්දීය අභ්‍යවකාශ පර්​ෙ‌ය්ෂණ ආයතනයට මෙය ලොකු පිම්මකි. මානවරූපී රොබෝ තරුණියකි. ඇය නම් කර ඇත්තේ ‘වියෝමිත්‍රා’ යනුවෙනි. 


‘වියෝමිත්‍රා’ අර්ධ රොබෝවෙකි. නිර්මාණය කර ඇත්තේ ඉනෙන් ඉහළ කොටස පමණය. පාද නැත. ඉන්දීය අභ්‍යවකාශ පර්​ෙ‌ය්ෂණ ආයතනය ‘වියෝමිත්‍රා’ අභ්‍යවකාශයට යැවීමට සූදානම් වෙන්නේ මෙම වසර අවසානයේ එනම් ලබන දෙසැම්බරයේය. 


පෙනුමින් තරුණියක වැනි වුණත්, පාද නැතත්, ඇවිදීමට නොහැකි වුණත්, ‘වියෝමිත්‍රා’ ට කළ හැකි දේ බොහොමය. ඇයට භාෂා දෙකක් හොඳින් කතා කිරීමට පුළුවනි. මිනිසුන්ගේ මුහුණු හඳුනා ගැනීමට හැකිය. ප්‍රශ්නයක් ඇහුවොත්, පණ ඇති තරුණියක මෙන්, ඊට තර්කානුකූලව පිළිතුරු දිය හැකිය. දෙසැම්බරයේ ‘වියෝමිත්‍රා’ අභ්‍යවකාශයට යැවෙන්නේ තනිවමය. ඇයට පර්​ෙ‌ය්ෂණ කීපයක් සිදු කිරීමට පැවැරෙනු ඇත. 2022 වසරේ දී ඉන්දීය ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට පෙරමඟ සකස් කිරීමක් ලෙස මෙම පර්​ෙ‌ය්ෂණ ඉවහල් වනු ඇති බව ‘ඉස්රෝ’ පෙන්වා දෙයි. 


පසුගිය දා ‘ඉස්රෝ’ විද්‍යාඥයන් මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ, ‘වියෝමිත්‍රා’ හඳුන්වා දීමට ය. ඉන්දීය මාධ්‍යවේදීන් පමණක් නොව, විදෙස් මාධ්‍යවේදීහු ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ. ‘වියෝමිත්‍රා’ හඳුන්වා දීම අපූරු අත්දැකීමක් විය. ‘හායි කොහොමද? මම වියෝමිත්‍රා. ඉන්දියාවේ පළමු මානවරූපී අර්ධ රොබෝවරිය මමයි’ යැයි මාධ්‍යවේදීන් හමුවේ, ‘වියෝමිත්‍රා’ පැවැසුවාය. ‘මට පුළුවන් ඔබට සහාය වෙන්න. මට පුළුවන් ගගනගාමීන් හඳුනා ගන්න. ඔවුන්ට සහාය වෙන්න. ඔවුන්ගේ භාෂා පරිවර්තිකාවක වෙන්න’ යැයි ‘වියෝමිත්‍රා’ මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය. 


ලුසිත ජයමාන්න 
එන්.ඩී.ටීවී. ඇසුරිනි



අදහස් (0)

උඩ යන්න හදන ඉන්දීය රොබෝ කෙල්ල

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site