(කාංචන කුමාර ආරියදාස)
පසුගිය ආණ්ඩු සමයේ මිල්කෝ සමාගමේ කිරි පැකට් ඇසුරුම් කිරීම සදහා පෞද්ගලික අංශයට ලබා දී තිබු පැකට් එක්ලක්ෂ තුන්දහසක් ප්‍රමාණයක් අඹේවෙල මිල්කෝ ආයතනයේ ලොරි 11ක ගබඩා කර තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද(11) පැවැසීය.
එම ලොරි රථවලින් එකක ඇසුරුම් කළ කිරි පිටි පැකට් කල්ඉකුත් වී ඇති බවත්, සෙසු පැකට්ටු පෙබරවාරි මාසයේදී කල් ඉකුත් වීමට නියමිත බවත්, එහිදී හෙළිදරව් කෙරිණි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කිරි ගොවීන්ගේ ජාතික සම්මේලනය මෙම මාධ්‍ය හමුව දඹුල්ලේ කැඳවා තිබිණි. කිරි ගොවීන් සුරැකීමේ ජාතික සංවිධානය ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න යන මහත්වරු සහ කිරි ගොවි සංවිධානවල කීපදෙනෙක් එක්ව සිටියහ.
මිල්කෝ සමාගමේ සිදුව ඇති විශාල මූල්‍ය අක්‍රමිකතාවයන් සහ මේ වන විට විශාල කිරි ප්‍රමාණයක් විනාශ වීමේ සිද්ධිය අනාවරණය කරන බව නාමල් කරුණාරත්න මහතා සදහන් කළේය.
ඔහු කියා සිටියේ පසුගිය පාලන සමයේ 1%2ක පෞද්ගලික කොමිස් මුදලක් ලබාගැනීම සඳහා මිල්කෝ සමාගමට අයත් කිරි පෞද්ගලික ආයතනයකට ඇසුරුම් කර ගැනීම සඳහා ලබාදී තිබෙන බවය.
පෞද්ගලික ආයතනය මගින් වීශාල වශයෙන් ඇසුරුම් කිරීම ප්‍රමාද කොටගෙන පසුගිය දිනවල කිරි ලොරි 11ක මෙයාකාරයෙන් ඇසුරුම් කළ කිරි පැකට් එක්ලක්ෂ තුන්දහසක් පවතින බවත් ඒවා අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවය .
එම පාලකයන් මේ වනවිට අඹේවෙල මිල්කො සමාගමේ නිලධාරින්ට මෙම ඇසුරුම් කළ කිරි නැවත පිටිකිරි බවට පත්කරන ලෙස වාචිකව දැනුම් දෙමින් තර්ජනය කරමින් සිටින බවත් එහෙත් සේවකයන් ඒ පිළිබඳව ලිඛිතව ලබා දෙන්නැයි ඔවුන්ට දැනුම් දෙමින් පවතින බවද හෙළිදරව් කළේය. ගොවීන්ගෙන් ලබාගත් කිරි තොග විනාශ වීමේ තර්ජනය පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු කරන්නැයි ද නාමල් කරුණාරත්න මහතා ඉල්ලීමක් කළේය.
මෙම කිරිවලින් විවිධ ආහාර නිෂ්පාදනය කිරීමට හැකියාව තිබියදී කොමිස් මුදල ලබාගැනීම සඳහා මෙම කිරි පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවයි හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම මිල්කෝ සමාගමට කිරි දෙන ගොවීන් එය විශාල වශයෙන් නවතා දමා තිබෙන බවත් සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව යටතේ සිදු වූ මෙම මහා පරිමාණ කිරි වංචාව පිළිබඳව මේ ආණ්ඩුවේ සොයාබැලීම වගකීමක් බවද සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 04
377
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1644
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
'ඇසුරුම් කරන්න දුන් කිරි පැකට් ලක්ෂ ගණනක් ලොරිවල'
Damika Sunday, 12 January 2020 05:52 AM
මොන මිනිස්සුද මේ ? ළමයින්ට උදේට බිලා යන්න හොද කිරි එකක් දෙන්න විදියක් නැතුව අපි දුක් වෙනවා. මේ අය කොමිස් වලට මසුරන් වටිනා කිරි ටික විනාශ කරනවා.