IMG-LOGO

’මර්වින් ජානා’ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

(එච්. එම්. ධර්මපාල)
               

දැනට බූස්ස බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්කුඩු ජාවාරම්කරුවකු වන රත්මලානේ "මර්වින් ජානා " යන අය මෙහෙයවන හෙරොයින් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකාර කාන්තාවක හා පුද්ගලයෙකු  අද(3 ) දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

මෙම කාන්තාව අත්තිඩිය පැරකුම් මාවත පදිංචි වයස  37ක තැනැත්තියක වන අතර සැකකාර  පුද්ගලයා පිළියන්දල පදිංචිව සිටින 58 හැවිරිදි අයෙකි. ඔහු අධික ලෙස හෙරෝයින් පානයට  හුරුවූ  අයෙකුද වන බවද පොලිසිය පැවසීය.

මොවුන්  දෙදෙනා ප්‍රධාන ජාවරම්කරුගේ  හෙරොයින් අලෙවියෙන් ලැබෙන මුදල් රුපියල් මිලියන ගණනක් රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල විවිධ  පුද්ගලයන්ගේ නම්වලින් ඔවුන්ගේ  හැඳුනුම්පත් භාවිත කරමින් ගිණුම්  විවෘත කර තැන්පත් කර මුදල් හුවමාරු  කර ඇති බවත්, ඒ අනුව රුපියල් මිලියන 1 4 කට අධික බැංකුවලින්  හුවමාරු  කළ ගිණුම්වල  පිටපත් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයිද  පොලීසිය පැවසීය.

පසුගිය 25 වන දින දෙහිවල, ගල්කිස්ස පොලිස්ථාන, ගෝනපොල ප්‍රදේශයේ කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවලගෙන් රඳවා තබා  ප්‍රශ්න  කිරීමේදී ඔවුන්ගේ  දුරකථන ඇමතුම් අනුව මෙම  පුද්ගලයන් දෙදෙනා අද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ  විශ්‍රාමික බැංකු  කළමනාකරුවකු  හා සැකකාරියගේ සොයුරියක්  ඇතුළු කිහිපදෙනකු  පිළිබඳව  විශේෂ පොලිස් කණ්ඩායම් පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය හා සැකකරු අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා  තබා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යනබවද දෙහිවල පොලීසිය පවසයි.



අදහස් (0)

’මර්වින් ජානා’ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 278 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site