IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’කුරුණෑගලින් හමු වූ බෝග වනසන පළගැටියා දකුණටත් ව්‍යාප්තවෙලා’

(සුමතිපාල දීයගහගේ)
 
කුරුනෑගල සහ මාවතගම ප්‍රදේශවලින් වාර්තාවූ බෝග වර්ග විනාශ කරන පළගැටි විශේෂය මේ වන විට දකුණු පළාතේද
 ව්‍යාප්ත වෙමින් පවතින බව දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතා පවසයි.
 
අද (3) වන විට කිරින්ද පුහුල්වැල්ල  සහ  ඌරුගමුව යන ප්‍රදේශවල ස්ථාන දෙකකින්   මෙම පළගැටි විශේෂය හමුවී ඇතැයිද ඒ මහතා පවසයි.
 
කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පර්චස් එකක පමන ප්‍රදේශයක අඩි තුනක් පමන උසැති තණ කොළ පඳුරක
මෙම පළගැටියන් දහසක් පමන සිටින බවද හෙතෙම සදහන් කළේය. ඒ අසල ඇති කෙසෙල් ගසක එක් කොලයක්ද
සම්පුර්ණයෙන්ම කා දමා ඇති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා
පැවසීය.එමෙන්ම උරුගමුව ප්‍රදේශයේ  ගෙවත්තක ඇති අඩි හතරක් පමණ උස විසිතුරු ශාඛ පදුරක පළගැටියන් පන්සියයක් පමණ සිටින බවද ගුණවර්ධන මහතා කීය.ඒ අසල පිහිටි සාමාන්‍ය උසැති පොල් ගසක පොල් අත්තක කොළ ද
සම්පුර්ණයෙන්ම මෙම පළගැටියන් විසින් කා දමා ඇත.
 
මෙම පළගැටියන් තව දුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සදහා රසායනික දියරක් අද(3)  එම ගස්වලට ඉසීමට කෘෂිකර්ම
දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යාලයේ උපදෙස් පරිදි මෙම රසායනික ද්‍රව්‍යය ඉසිනු ඇත.
 
එමෙන්ම දකුණු පළාතේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දකුණු පළාතේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් අද දින කැඳවා මේ පිළිබද
දැනුවත් කරන බවද දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා
පැවසීය.



අදහස් (1)

’කුරුණෑගලින් හමු වූ බෝග වනසන පළගැටියා දකුණටත් ව්‍යාප්තවෙලා’

jaya Wednesday, 03 June 2020 06:53 AM

500 - 1000 හින්දා බැරිද මේ ටික අල්ල ගන්න. කොරෝනා වගේ තමයි. වැඩි උනාට පස්සේ ගොඩ ගන්නවා බොරු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site