IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘‘මහබැංකුව මංකොල්ල කාපු හොරුන්ට දඬුවම් දිය යුතුයි‘‘

(චන්ද්‍රසේන ගමගේ)

වෝහාරික විගණන වාර්තාවෙන් හෙළි වූ හා හෙළි  නොවූ  මහබැංකුව මංකොල්ලකාපු සියළු හොරුන්ට දඬුවම් දිය යුතු බව මගී කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) රන්න තලුන්න මහා විහාරයේ පැවති ආගමික උත්සවයකදී පැවසීය.

මේ රටේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සදහා මම මගේ වැටුප පරිත්‍යාගකර තිබෙනවා. අපි එහෙම කරන්නේ මේ දරුවන් සාරධර්ම වලින් පිරිපුන් දරුවන් බවට පත් කර මේ සමාජය සුවපත් කරන්නයි.හොරුන්ට දඩුවම් දෙන්නේ නැති සමාජයක අපේ උත්සාහය වතුරේ යනවා.

මේ රටේ වැඩිහිටියන්  පමණක් නොවෙයි මේ රටේ දරු පරපුර මේ රටේ දේශපාලකයින් හොරු කියල තේරුම් ගත්ත දවසට මේ සමාජය මොන පැත්තට යයිද කියල විශ්වාසයක් තියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ.

අද ජනාධිපතිතුමා විශාල ආදර්ශයක් දෙමින් ඉන්නවා . මේ සමාජය වංචාවෙන් හා දූෂණයෙන් මුදවා ගන්න. එතුමා යම් වැඩ කොටසක් කරමින් ඉන්නවා. අපි එතුමාගේ ඒ වැඩ පිළිවෙලට සහයෝගය දෙනවා.අපිට විශ්වාසයක් තිබෙනවා මහබැංකු වංචාවට සම්බන්ධ සියළු දෙනාට දඩුවම් දෙන්න පමණක් නොව එම මුදල් අය කර ගන්නත් එතුමා කටයුතු කරයි කියා.

 



අදහස් (2)

‘‘මහබැංකුව මංකොල්ල කාපු හොරුන්ට දඬුවම් දිය යුතුයි‘‘

banda Sunday, 26 January 2020 04:00 PM

2005 සිට අද දක්වාම දඩුවම් දෙන්න ඕන කියන්න මහත්තයෝ

:       0       0

විජිත් Sunday, 26 January 2020 04:56 PM

දැන් ඔය තියෙන්නේ වෝහාරික වාර්තාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site