IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


‘සීගිරියේ පෞරාණිකත්වයට හානි නොවන ලෙස ඉදිකිරීම් කරන්නැයි උපදෙස්‘

 ( දිල්රුක්ෂි ග්‍රේරු )

සීගිරිය පුරා විද්‍යා බිමේ  නවීකරණ කටයුතු සහ නව ඉදිකිරීම් එහි පෞරාණිකත්වයට හානි නොවන අයුරින්   සිදු කරන ලෙසත්, පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ  මෙන්ම දේශිය සංචාරකයින්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ  පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා  අද (10) එහි කළමනාකාරීත්වයට  උපදෙස් දුන්නේය.
 
සීගිරියේ  පවතින ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා  මෙම උපදෙස් ලබා දුන්නේය.
 
සංචාරකයින්ගේ  පැමිණිම වැඩි කිරීම සහ සීගිරියේ පෞරාණිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
 
සීගිරියේ ඉදිකර තිබූ  අනවසර වෙළඳසල්  කිහිපයක්  පසුගිය දිනකදී  ඉවත් කිරීම සම්බන්ධවද එහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට  ලක්විය.
 
වෙළඳසල්  පිළිබඳව  ඇති වූ මෙම ගැටළුව සම්බන්ධව සොයා බලා නීතීයට පටහැනි නොවන ලෙස, ගැටුම් ඇති නොවන අයුරින්  ඔවුන්ට යළි සුදුසු ස්ථානයන්  ලබාදීමට පියවර ගන්නා ලෙසට ද සිගිරිය වෙළඳ සංගමය, සිගිරිය පුරා විද්‍යා  ස්ථාන භාර නිලධාරිවරී, ව්‍යාපෘති කළමණාකරු  ඇතුළු  මහජන නියෝජිතයින්  දැනුම්වත් කිරීමද එහිදී සිදු කෙරිණි.

එමෙන්ම සීගීරි පුරා විද්‍යා බිමේ  නව කටයුතු  පිළිබඳවසැලැස්මක් සකස් කර ඒ පිළිබඳව තමා දැනුම්වත් කරන ලෙසඳ  සිගිරිය  ව්‍යාපෘති කළමනාකරු ඇතුළු නිළධාරීන්ට එහිදී උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍යවරයා  පුරා විද්‍යා භූමිය තුළ  පෞරාණික භාණ්ඩ  අලෙවි කරන්නන්, හා අනිකුත් වෙළඳසල් හිමියන් සමඟ සමඟ සුහද කතා බහකද නිරත විය.
සීගිරිය පුරා විද්‍යා ස්ථාන භාර නිලධාරී ධනුක උදයංග, සිගිරී ව්‍යාපෘති කළමණාකරු  තුසිත  හේරත් , සිගීරිය කොට්ඨාස ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුමනසිරි බණ්ඩාර ඇතුළු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.   



අදහස් (1)

‘සීගිරියේ පෞරාණිකත්වයට හානි නොවන ලෙස ඉදිකිරීම් කරන්නැයි උපදෙස්‘

කසුප් Monday, 10 February 2020 12:30 PM

පත්ව එන හැම ඇමතියෙක්ම ඇවිත් බලනවා. කියනවා. අවුරුදු ගාණක් තිස්සෙ හැමදාම එක විදියයි. කෝටි ගාණක් හම්බ කරගත්තත් සංචාරකයින්ට තියෙන්නෙ අවම පහසුකම්. ජලය හා වැසිකිළි පහසුකම්වත් නෑ. අලුතෙන් ඇමතිකමක් ලැබුනම මැරිලා ඉපදිලා වගේ හැසිරෙන්නෙ. අවුරුදු ගාණක් බලයෙ ඉදල කෙරුවේ මොනවද කියලා මිනිස්සුන්ගෙන් ඇහුවා නම් කියයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site