IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


‘පොඩි ලැසී’ගෙන් ඇල්ලූ දුරකතන ගැන රහස් පොලිසිය පරීක්ෂණ තවම නෑ

(ජයන්ත සමරකෝන්)
 
දකුණේ පාතාල කල්ලි නායකයකු වන පොඩි ලැසී නැමැත්තා කොළඹ මැගසින් බන්ධනාගාරයේ එච්. වාට්ටුවේ රඳවා සිටියදී කළ හදිසි සෝදිසියකදී සොයාගනු ලැබූ ජංගම දුරකථන හා සිම්පත් සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් සිදුකරන ලෙසට බන්ධනාගාර මූලස්ථානය කරන ලද ඉල්ලීමකට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.
 

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ අගෝස්තු 4 වැනිදාය. එදිනම රහස් පොලිස් පරීක්ෂණයක් කරන ලෙස බන්ධනාගාර මූලස්ථානය ඉල්ලා තිබිණි.
 
බන්ධනාගාර බුද්ධි අංශය මගින් කළ මෙම වැටලීමේදී ජංගම දුරකතන 7ක් හා සිම්පත් 8ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඒවා රහස් පොලිස් පරීක්ෂණ සදහා මුද්‍රා තබා ඇතැයි බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේ හිටපු ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතන සිද්ධියට පොඩි ලැසී සම්බන්ධ බවට පැතිර යන ප්‍රචාරය සහා එම කොන්ත්‍රාත්තුව තමා විසින් ලබාදුන් බවට පොඩි ලැසී මැගසින් බන්ධනාගාරයේදී ඉකුත් දින කිහිපය තුළ කර ඇති විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට මෙම ජංගම දුරකතන හා සිම්පත් වලින් හැකි වනු ඇතැයිද එම නිලධාරියා කීය.
 
පොඩි ලැසී නමැත්තා මේ වනවිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.



අදහස් (0)

‘පොඩි ලැසී’ගෙන් ඇල්ලූ දුරකතන ගැන රහස් පොලිසිය පරීක්ෂණ තවම නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 73 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2529 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site