IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘පලාගල පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කරන්න’

(විනීතා එම් ගමගේ)
            
වනජීවී කලාපයක පිහිටි අනුරාධපුර, පලාගල, මහ හුරුල්ලෑවේ පුරා විද්‍යා ස්මාරකය සහිතබිමේ මැනුම් කටයුතු ඉක්මණින් සිදුකර එය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කිරීමට පියවර ගන්නැයි ජාතික උරුම,  ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරින්ට හා පොලිසියට අද(17) උපදෙස් දුන්නේය.
            
එම පුරා විද්‍යා ස්මාරක සහිත භූමියක් ලෙෂ එම ස්ථානය හඳුනාගෙන ඇතත් මේ වනතුරුත් එය පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර නැත.
 
නිදන් සොරුන් විසින් ඉකුත් 8 වැනිදා එම පුරා විද්‍යා ස්මාරකය ඩෝසර් කර විනාශ කර තිබු අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේ වික්‍රමනායක මහතා මෙම උපදෙස් දුන්නේය. පුරාවස්තු මංකොල්ල කෑම් හා නිදන් සොයා පුරාවස්තූන් විනාශ කිරීම් පිළිබඳව දැඩි පියවර ගන්නට කටයුතු කරන්නැයි ද රාජ්‍ය අමාත්‍යවරයා එහි දී පුරාවිද්‍යා නිලධාරින්ට හා පොලිසියට එහි දී වැඩි දුරටත් උපදෙස් දුන්නේය. 
 
පුරාණ ආරාමයක් පිහිටි ස්ථානයක් වූ එහි කැටපිලර් යන්ත්‍රවලින් පුරා විද්‍යා ස්මාරක ඇති තැන් හාරා ඇති මීට පෙරද එහි මෙවැනි විනාශයන් කර ඇති බවත් එහි දී දුටු බවත් ඒ පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
            
මීට පෙර මෙම ස්ථානයේ විනාශයන් සිදුකළ අය ඒ වෙනුවෙන් සිරදඬුවම් පවා විඳ ඇතැයි ද එහෙත් යළිත් මෙසේ ඩෝසර් කරමින් පුරා විද්‍යා ස්මාරක විනාශ කර ඇතැයි ද නිලධාරිහු එහි දී රාජ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන්හ. 
 
අමාත්‍යවරයා සමග එම ස්ථානයට ගිය පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලංකාදීපයට කියා සිටියේ දුම්කොල වැවීමේ  අරමුණින් පොළව පෙරලා ඇති බව පෙනෙන නමුත් එය පුරාවස්තු ඇතැයි දැන දැනම කළ එකක් බවත් පෙනී යන බවය. 
            
විනාශ වී ඇති පුරා වස්තු යළි කිසිදු අයුරකින් යථා තත්ත්වයට ගත නොහැකි යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. 



අදහස් (0)

‘පලාගල පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කරන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site