IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘දරුවන් පාසල් යැවීමට බියවන දෙමාපියන් කිසිඳු බියකින් තොරව ටියුෂන් වලට දරුවන් යවනවා‘‘

(පුෂ්පකුමාර ජයරත්න)

රටතුළ පවතින හදිසි තත්ත්වය හමුවේ දරුවන් පාසල් යැවීමට බොහෝ සෙයින් බිය වන දෙමාපියන් කිසිඳු බියකින් තොරව විශාල සිසුන් සංඛ්‍යාවක් ගැවසෙන පෞද්ගලික පන්ති වලට දරුවන් යැවීම සම්බන්ධයෙන් කණගාටු වන බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා අද (08) පැවති කුරුණෑගල දිස්ත්‍රික් ආරක්ෂක කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළේය.

රටතුළ පවතින වාතාවරණය හමුවේ විහාරස්ථානවල පවත්වාගෙන යන දහම් පාසල් සම්බන්ධයෙන් පවතින ආරක්ෂාව සහ පාසල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් ද ඇතිව තිබෙන ගැටළු පිළිබඳවද මෙම ආරක්ෂක කමිටුවේදී සාකච්ඡාවිය.

ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

        ‘‘පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සියලුම පාසල් වලට උපරිම ආරක්ෂාවක් සපයා තිබියදීත් එහි ආරක්ෂාවක් නැතැයි කියා සිතන ඇතැම් දෙමාපියන් එවැනි ආරක්ෂාවක් නොමැති පෞද්ගලික පන්ති වලට කිසිදු බියකින් තොරව දරුවන් යවන බවට නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී චෝදනා කළේය .

මේ සම්බන්ධයෙන් තමන් කළ සොයා බැලීමකදී කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන පෞද්ගලික පන්ති වලට මේ දිනවල සියයට  80 කටත් වැඩි සිසුන් සංඛ්‍යාවක් සහභාගි වන බව අනාවරණය වූ බවද පැවසීය.

පාසල් වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැතැයි කියා චෝදනා කරන දෙමාපියන්ම විශාල සංඛ්‍යාවක් ගැවසෙන පෞද්ගලික පන්ති වලට තම දරුවන් යවන්නේ කුමන නිර්දේශයක් මතදැයි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රශ්න කළේය.

වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න,දේශපාලන නියෝජිතයන් , ආරක්ෂක අංශ නිලධාරීන්,රාජ්‍ය නිලධාරීන්,ස්වෙච්ඡා සංවිධාන වල නියෝජිතයන් ඇතුඵ විශාල පිරිසක් මෙම ආරක්ෂක කමිටුවට සහභාගිවූහ .



අදහස් (1)

‘දරුවන් පාසල් යැවීමට බියවන දෙමාපියන් කිසිඳු බියකින් තොරව ටියුෂන් වලට දරුවන් යවනවා‘‘

Raveendra Wednesday, 08 May 2019 01:57 PM

මහජන බදු මුදල් වලින් වැටුප් ලබන මෙම නිලදාරියාගෙන් එකම එක ප්‍රශ්නයක් ඇසීමට කැමැත්තෙමු. ඔබ රාජකාරි කරන ඔබේ බල ප්‍රදේශයට අයත් දියවන්නා ඔයේ එකදු අයෙකුගේ දරුවෙක් පාසල් ගියේද යන්න සොයා බලා මෙම පුවත්පතේම සදහන් කරන්නේනම් අප එය අගය කරන්නෙමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 534 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 482 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site