(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද සතුන් හා ශාක කොටස් රැසක් රහසේ රැගෙන යාමට තැත් කරන ලද නඩුවට අදාල විදේශිකයන් දෙදෙනා ඇප කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් ඇප කොන්දේසි සපුරාලනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (25) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රුසියානු ජාතිකයන් දෙදෙනෙකි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය, සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී මෙරට ස්ථාන රැසකින් එකතු කර ගන්නා ලද දැනට මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ 23 ට අයත් සතුන් 550 කු හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් මෙම විදේශිකයන් දෙදෙනා විසින් විශේෂ බහාලුම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන් පොලක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සොයාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු මස 03 දින අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.
මෙම සිද්ධියට සම්බන්ධ රුසියානු ජාතික විදේශිකයන් තිදෙනොගෙන් එක් අයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි බව විදේශිකයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ චන්දන පෙරේරා මහතා මෙහිදී අධිකරණයට දැනුම් දෙන ලදි.
මෙම නඩුව සම්බන්ධයෙන් සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා කරුණු දක්වමින් අධිකරණයට පැවැසීය.
ජුලී මස 02 දින යළි මෙම නඩුව කැඳවීමටත්, එදිනට සංශෝධිත චෝදනා පත්‍රය ගොනු කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහෙදී වැඩිදුරටත් නියෝග කලේය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වනසත්ත්ව නියාමක ප්‍රියදර්ශණ, කේෂ්ත්‍ර සහායක උදය කුමාර, රියදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට විදේශිකයන් තිදෙනා, සතුන් හා අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
රුසියානු ජාතික සැකකරුවන් වෙනුවෙන් නීතිඥ චන්දන පෙරේරා මහතා පෙනී සිටින ලදි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝර්ටන්තැන්නෙන් සත්ව-ශාක කොටස් ගෙනයාමට තැත්කළ විදේශිකයන් දෙදෙනා රිමාන්ඩ්