(ශාන්ත චන්ද්‍රසිරි)
හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසෙන මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවති.
කොරෝනා වෛරසය මෙරට පැතිරීයාමේ අවදානම මත දැනට වසා දමා තිබෙන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ස්වාභාවික මංපෙත් සියල්ලම දෙස් විදෙස් සංචාරකයන්ට අපහුසතාවයකින් තොරව ගමන් කිරීම සඳහා සකස් කරමින් පවතින බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
වනෝද්‍යානය යලි දෙස් විදේස් සංචාරකයන්ට නැරඹීම සඳහා විවෘත කිරීමත් සමග ඔවුන්ට බාධාවකින් තොරව වනෝද්‍යානය ඇතුලත නැරඹීමට යාම පිණිස අවශ්‍ය කරනු ලබන මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීම මෙසේ වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සිදු කරමින් පවතින බවද ඒ මහතා කීය.
ලෝකාන්නතය, බේකර්ස් දිය ඇල්ල, චිමිණි පොකුණ ආදී හොර්ටන්තැන්න වනෝද්‍යානය ඇතුළත පිහිටි සුන්දර ස්ථාන නැරඹීමට පිවිසෙන ස්වාභාවික මංපෙත් සියල්ලම මෙසේ සකස් කරමින් බවතින බවත්, එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට බොහෝමයක් අවසන් අදියරේ පවතින බවද හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අනිත් කට්ටිය ගස් ටිකට වැඩේ දෙයිද දන්නේ නෑ
මම හිතන්නේ පරිසරයට කැමැති බොහෝ දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ සතුට වන්නේ ස්වභාවික පරිසරයේ ඇවිද යාමයි . ඒ සඳහා පහසුකම් සැපයිම තුළින් සංචාරක පැමිණිම අඩුවීමටද පුලුවන. ඒ නිසා මෙවන් දේවල් කිරිමේදි සංචාරකයින්ගේ අදහස්වලටද ඉඩක් ලබාදුන්නානම් වටි. කෙසේ නමුත් තව ටිකක් කල් යනවිට පාපැදි යතුරුපැදිවලින්ද යාමට වාසනාව උදාකරමින් එය නව ආකාරයේ ෆන් එකක් ලබාදීමටත් පුලුවන. කෙසේ වෙතත් ස්වභාවික වන රොද විනාශවිම දුකකි. හැමදාම වාගේ යන්නට රුචියක් දක්න මෙය අනාගතයේ දුකක් වනු දැකිම බලවත් කණගාටුවකි.