
(කග කරුණාරත්න)
ව්‍යාජ ලෝහ වර්ගවලින් ආභරණ තනා , රන් ආලේප කර සැබෑ ස්වර්ණාභරණ ලෙස ඉතා ඉහළ මිල ගණන්වලට එම ආභරණ විකිණීමේ ජාවාරමකට සම්බන්ධ 5 දෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.
එම ව්‍යාජ මුදු බැංකු සහ උකස් මධ්‍යස්ථානවලට උකස්කර මුදල් ලබා ගැනීමට සූදානම්කර තිබූ බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය කර ගෙන තිබේ.
අරලගංවිල පිහිටි ස්වර්ණාභරණ උකස් ගන්නා පෞද්ගලික ආයතනයකට උකසට තැබීමට ගිය අවස්ථාවේ දී එහි සේවකයින්ට සැක සිතී පොලීසියට දැනුම් දීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මීට අමතරව මත්කුඩු විකිණිමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන යන අයෙකු බව හෙළි වී ඇතැයි ද සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 560ක් ද, ව්‍යාජ මුදු 4 ක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අරලගංවිල ඉහළවැව,දම්මින්න යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.