(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව ගිරිතලේ කොතලාවල මාර්ගයේ නිවෙසක පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා සැකකරුවෙකු අද(16) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
ව්‍යාජ ලිපි ලේඛන, රබර් මුද්‍රා, පරිගණකයක්, මුද්‍රණ යන්ත‍්‍ර දෙකක් ඇතුළු උපකරණ තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.
සැකකරු 51 හැවිරිදි එක්දරු පියෙකු වන අතර, කලක් මුද්‍රණාලයක සේවය කළ අයෙකු බවද පොලිසිය කියයි.
පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd