
(ඉන්දිකා රාමනායක)
විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් මාලිගාකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා ලියකියවිලි රැසක් අද (25) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙම ස්ථානයේ තිබී රජයේ උසස් නිලධාරීන්ගේ නම්වලින් සකස් කරන ලද ව්‍යාජ මුද්‍රා 200 කට වැඩි ප්‍රමාණයක්, ව්‍යාජ ගමන් බලපත්‍ර 200 කට වැඩි ප්‍රමාණයක් සහ ව්‍යාජ ලියකියවිලි රැසක් තිබී සොයා ගත් බව පොලිසිය කීය.
මහේස්ත්‍රාත්වරුන්ගේ, පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ, රජයේ උසස් නිලධාරීන්ගේ නම් සඳහන් මුද්‍රා මෙහි තිබී සොයාගෙන ඇත.
නිරෝධායනය කළ පිරිසට ලබා දෙන සහතිකපත්ද මෙම ස්ථානයේ ව්‍යාජ ලෙස සකස් කර තිබූ බව පොලිසිය කියයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.