
(ප්‍රසන්න පත්මසිරි)
බිබිල වෙල්ලස්ස ජාතික පාසල අසළදී අද (22) අලුයම් කාලයේ දී හොරට ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක හා කොලොන් දැව ලොරියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බිබිල පොලීසිය කියයි.
බිබිල කුරුවාඹ ප්‍රදේශයේ ගෙවත්තකින් කපන ලද තේක්ක හා කොලොන් ඉරන ලද දැව කදන් බලපත් නොමැතිව කනුල්වෙල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින්
තිබියදී පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වේ.
ලොරිය හා සැකකරු දැව තොගය සමඟ බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd