(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෙරොයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 340 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අද (1) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ "ඉඹුලකන්දේ ඇතා" නමින් හඳුන්වන ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකි.
ලද තොරතුරකට සැකකරුවන් දෙදෙනෙකු හෝමාගම පිංකෙත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ‘ඉඹුලකන්ද ඇතා’ නමින් හඳුන්වන පුද්ගලයා සහ තවත් පුද්ගලයකු හෝමාගම ඉඹුලකන්ද ප්‍රදේශය ගල් ගුහාවක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.
හෝමාගම ඉඹුලකන්ද සහ පිංකෙත ප්‍රදේශයේ පදිංචි 30-40 වයසේ පසුවන්නන් බව පොලීසිය කියයි .
සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd