
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කිරුළපන පැරණි වෙළඳ සංකීර්ණය අසල පදික වේදිකාවේ ජංගම වෙළෙඳ කුටියක් තුළ කොස් වෙළඳාමේ නිරත වන මුවාවෙන්,හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100 ක් තිසර පටය තුළ සගවා ගෙන සිටි කාන්තාවක් අද (11) අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන කූඹිකැලේ ප්‍රදේශයේ පදිංචි (48) හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව හෙරොයින් අලෙවි කරන බවට පොලීසියට ලද තොරතුරක් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමෙදී, හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100 තිබී සොයා ගෙන තිබේ.
මෙම කාන්තාව පදික වේදිකාවේ ජංගම වෙළෙඳ කුටියක් තුළ කොස් වෙළඳාම සිදු කිරීමට අමතරව,රෝල්ස් පැටිස් වැනි ආහාර ද්‍රව්‍ය ද නිපදවා අලෙවි කරන අතර ඒ මුවාවෙන් හෙරොයින් අලෙවි කර ඇති බවට පොලීසිය සැක කරයි.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී සන්තකයේ තබාගෙන තිබූ හෙරොයින් බන්ධනාගාරගතව සිටින සිය පුත්‍රයාට ලබාදීම සඳහා මිලදී ගත් ඒවා බවට පවසා ඇතැයි පොලිසිය කියයි .
එසේ බන්ධනාගාරගතව සිටින සැකකාරියගේ පුත්‍රයා හෙරොයින් ග්‍රෑම් 25 ක් සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අයකු බවද පොලිසිය පවසයි.
සැකකාරිය මාලිගාකන්ද අංක 2 අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි පරීක්ෂණ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd