(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
දැනට බන්ධනාගාර ගත වී සිටින ගාල්ලේ ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් විස්සක් සමඟ අද (26) යටලමත්තේ දී අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි.
අක්මීමන පොලිසියේ විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ සැකකරු මීට පෙර ද හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ මහාධිකරණයෙන් ඇප ලබා සිටින පුද්ගලයකු බවයි.
සැකකරු සමඟ අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් ප්‍රමාණය හෙට (27) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අක්මීමන පොලිසිය මෙමසිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd