



(ක. ග. කරුණාරත්න)
හබරණ හුරුලු පාරිසරික වනෝද්‍යානයේ සිටි අලියකු ආහාර සොයමින් අද(13) අලුයම පුවක්පිටිය ප‍්‍රදේශයේ සරමින් සිටියදී වගාළිඳකට වැටී ඇතැයි වන ජීවී නිලධාරීහු පැවසූහ.
මෙම අලියා අවුරුදු 25ත් 30 ත් අතර වයසෙහි පසුවන, අඩි 8 ක් පමණ උසැති අලියකු බව ද ඔවුහු කීහ.
ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව පැය 8කට ආසන්න කාලයක් දැඩි පරිශ‍්‍රමයක් දරා අලියා වගාළිඳෙන් ගොඩගෙන වනයට පළවාහැරීමට පියවර ගත් බව මින්නේරිය සහ රිටිගල වනජීවී නිලධාරීහු පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd