IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හීං ගඟ ජල ව්‍යාපෘතිය ඇනහිටීමෙන් පවුල් 30,000කට පානීය ජල ගැටලු

(ඉන්දික අරුණ කුමාර)
 
මාතලේ දිස්ත්‍රික්කයට අයත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලා බසින හීං ගඟේ සංවර්ධන කටයුතු අතරමග නැවතීම හේතුවෙන් පවුල් 30,000කට පමණ පානීය ජල ගැටලු පවතින බව විල්ගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඊ.එම්. ජයන්ත බණ්ඩාර ඒකනායක  මහතා පවසයි.
 
හෙතෙම මෙම අදහස් පළ කළේ හීං ගඟ ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද(06) කළ විමසීමක දීය.
 
වකුගඩු රෝගීන් වැඩි වශයෙන් ජීවත්වන විල්ගමුව කොට්ඨාසයට පානීය ජලය ලබාදීම සදහා හීං ගඟ ව්‍යාපෘතිය පසුගිය රජය සමයේ දී ආරම්භ කළ බව ඒ මහතා කියා සිටියේය.
 
වසර ගණනාවක් තිස්සේ පොරොන්දුවලට පමණක් සීමා වී ඇති හීං ගඟ ව්‍යාපෘතිය මේ වන විට සුදු අලියෙකු බවට පත්වී ඇති බවත් ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා පමණක් හීං ගඟ කරළියට එන බව ද හෙතෙම කියා සිටියේය.
 
ලග්ගල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කුමාරි විජේරත්ත මහත්මිය අවස්ථා ගණනාවක දී හීං ගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද හඬ නගා ඇති බව කියා සිටි ජයන්ත බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ වත්මන් ආණ්ඩුව බලයට පත්වී තිබියදීද මේ සම්බන්ධයෙන් අවධාරණය යොමු කර නොමැති  බවය.
 
හීං ගඟ ජලාශය පුළුල් කර එහි ජලය වස්ගමුව තෙක් රැගෙන යමින් ගොවීන්ට හා පානීය ජලය ලබාගන්නා පුද්ගලයින්ට ජලය ලබාදීම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.
 
ඒ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන ද අවසන්කර ඇළ සංවර්ධනය ද ආරම්භ කර ඇති බව කියා සිටි ජයන්ත අවධාරණය කර සිටියේ වත්මන්  රජයේ අවධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් යොමු විය යුතු බවය. දැනමත් පිරිසිදු පානීය ජල අවශ්‍යතාවන් සදහා විල්ගමුවේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බවද හෙතෙම කියා සිටියේය.
 
හීං ගඝ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විල්ගමුව ප්‍රාදේශීය සභාවේ දී මෙන්ම එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා පැවැත්වූ බව කියා සිටි ජයන්න මහතා අවධාරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේද අවධානය යොමු නොවු බවය.



අදහස් (0)

හීං ගඟ ජල ව්‍යාපෘතිය ඇනහිටීමෙන් පවුල් 30,000කට පානීය ජල ගැටලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site