(මනුල වික්‍රම)
මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් ‘‘ දේශ කීර්ති ලංකා පුත්‍ර ‘‘ ගෞරව සම්මානය පිරණැමිණි.
අනුරාධපුර රුවන්මැලි චෛත්‍ය මළුවට වැඩම කළාවු දහස් නමක් භික්ෂූන් ඉදිරිපිටදී මෙම සම්මානය පුද කෙරුණේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ගලපිටියාගම විමලධම්ම නාහිමියන් අතිනි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූර කාලය තුළ රටේ ආර්ථිකය නැංවිම හා රට මුහුණ දුන් අභියෝග හමුවේ යහපත් මූල්‍ය කලමනාකාරණයක් සිදුකරමින් ඉටුකළා වූ මෙහෙවර වෙනුවෙන් ඒ මහතාට උපහාර ලබාදීම හා එවැනි සේවාවන් වෙනුවෙන් ආදර්ශයක් ලබාදීම මෙම සම්මානය පිරිණැමිමේ අරමුණ බව මහ සංඝරත්නය අවධාරණය කළහ.
අමරපුර මහ නිකායේ අනුනායක බෙංගමුවේ නාලක,රාමඤ්ඤ සම නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නැදලගමුවේ විජයමෛත්‍රී,රුවන්මැලි චෛත්‍යාරාමාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන,අභයගිරි විහාරාධිකාරී ආචාර්ය කල්ලංචියේ රතනසිරි,ලංකාරාමාධිකාරී උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණසංඝනායක රැලපනාවේ ධම්මජෝති, අභයගිරි පූර්වාරාමාධිපති රාමඥ්ඤමහා නිකායේ උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවේදී පොතානේ ධම්මානන්ද ,අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති උතුරු උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිවරුන් ද මෙමඅවස්ථාවට වැඩමකර සිටියහ.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ,පාරිල්මේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන,ශෙහාන් සේමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා යන මහත්වරු ඇතුළු විහාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
ඔය සම්මාන ඔයතරම් හෑල්ලු කරන්න එපා. ඔහු පිරමීඩ වංචාව (ගෝල්ඩ් ක්‍රෙස්ට්) හෙජින් ගිවිසුම වගේ දේවල් කරලා මේ රටට පාඩු කල පුද්ගලයෙක් .
හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වාටත් ගෞරව සම්මානයක් දුන්නා නම් නේද හොඳ හාමුදුරුවනේ ?
මෙතුමාගේ කාලයේ සිදුවූ වංචා දුෂණ ගැන පුවත්පතකින් වත් දැකල නැත්ද ?
අපරාදේ අර්ජුන් මහේන්ද්‍රන් රටින් පැනල ගියේ...
මේවා දැක්කම එපා වෙනවා. මෙයාලට තියන චෝදනා නොදැක්ක වගේ සම්මාන දෙන එක ජාතික අපරාධයක් . අද ඒවා හොයන එක යට ගිහිල්ලා.
හොරුන්ටත් සම්මාන දෙන රටක් මේක .
දූෂකයන්ටත් සම්මාන දෙන රටක්. සංඝයා වහන්සේලාට ධර්මය තුලින් කළහැකි දේ තිබියදිත් සම්මාන හෑල්ලුවට ලක් කරනවා . කොසොල් රජු දැකපු සිහින වගේ .
හොරුන්ටත් ‘‘ දේශ කීර්ති ලංකා පුත්‍ර ‘‘ ගෞරව සම්මානය පිරිනැමෙන එකම රට .
ඔබතුමාලා කරපු දේවල්වල හැටිය මෙහෙම කරල මදි . ඔබතුමන් ලා පත් කරාට අපිටයි උල තියන්න ඕනේ . රටට ගිය කලක් .
මේවට අඩන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ ...