(තිලකරත්න දිසානායක.)

ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ 13 වන ගුණානුස්මරණ උත්සවය වැලිවේරිය ප්‍රනාන්දු පුල්ලේ ස්මාරකය අසලදි අද (6) සවස පැවැත්විණි.

හිටපු ජනාධිපතිවරයා මල් කළඹක් තබා උපහාරය පුද කළ අතර මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලස්සන අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූ අතර උපහාර උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක අජිත් බස්නායක මහතා  මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.