IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හැඹිලි දැලෙන් මසුන් මැරූ ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )
 
හැඹිලි දැල් භාවිතයෙන් රාත්‍රී කාලයේ මසුන් මරමින් සිටි ධීවරයන් 14 දෙනෙකු, ධීවර යාත්‍රා 2ක් සහ හැඹිලි දැල් කට්ටල 2ක් සමග අද (30) අලුයම කල්පිටිය දලුව මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්‍යාලයට භාර දී ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින්, පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ, 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතට අනුව, මෙම දැල් භාවිතය සපුරා තහනම් බවයි. අත්අඩංගුවට පත් සැකකරුවන් සින්නපාඩුව ප්‍රදේශයේ පදිංචි ධීවරයින් බව වාර්තා වේ.

මෙම අත්අඩංගුවට පත් ධීවරයින් සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

හැඹිලි දැලෙන් මසුන් මැරූ ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site