(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිරසය ආසාදනය වු සිසුන් 09 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු හමුවීම නිසා ඉකුත් 27 දින සිට තාවකාලිකව වසා දමා තිබු හැටන් විද්‍යාලයක් විෂබීජහරණය කිරීමෙන් පසු සෞඛ්‍ය උපදෙස් වලට අනුව අද(01) දින යලිත් විවෘත කළ බව එම විදුහලේ උප විදුහල්පතිවරයා පැවසීය.
අසාදිත සිසුන් හදුනාගත් ගත් 09 සහ 10 වසරවල පන්ති කාමර තවදුරටත් වසා දමා එම ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසුන් 70 දෙනෙකු සහ ගුරුවරුන් 23 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බව උප විදුහල්පතිවරයා කියා සිටියේය.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ද කොවිඩ් 19 ආසාදනය වු නිලධාරිනියක් හමුවීම නිසා එම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් සහ සේවක සේවිකාවන්ට ඉකුත් 26 දින සිට සේවයට වාර්තා නොකරන ලෙසට දැනුම් දී තිබිණි. පරිපාලනයේ උපදෙස් පරිදි යලිත් අද(01) ඔවුන් සේවයට වාර්තා කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.