IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හලාවත ධීවර යාත්‍රාවකට ගිනි තියලා:අයෙක් අත්අඩංගුවට

( ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත මැදවත්ත ධීවර ගම්මානයේ කලපුව අසළ  මුහුදු යාම සඳහා  සුදානම් කර තිබු එක් දින ධීවර යාත්‍රාවකට කිසිවකු විසින්   ගිනි තබා මුළුමනින්ම විනාශ  කර ලක්ෂ 10 ක  පමණ අලාභයක් සිදු කර ඇති බව හලාවත පොලිසිය කියයි.

මෙම ගින්නෙන් යාත්‍රාව හා එහි සවි කර තිබු එංජිම මෙන්ම දැල් කට්ටලයද මුළුමනින්ම ගිනිබත්ව විනාශව ඇති බවත් කියයි.

අද ( 27 දා ) උදේ මසුන් මැරීම පිණිස ඈත දියඹේ රස්සාව කිරිමට සුදානමින් මැදවත්ත කළපු ඉවුරෙහි මෙම යාත්‍රාව රදවා තිබු බවත් රාත්‍රි අටට පමණ කලපු ඉවුරෙන් මත් වු ගිනි දැල් දැක ගොස් බලන විට එම යාත්‍රාව ගිනි ගෙන ඇති බව දුටු බවත් යාත්‍රාවේ හිමිකරුවන හලාවත  මැදවත්තේ පදිංචි වර්ණකුලසුරිය ඇන්ටනි මාකස් ප්‍රනාන්දු  නමැති ධීවර කාර්මිකයා පොලිසියට දන්වා ඇත.

මෙම ගින්න සම්බන්ධයෙන් අද ( 27 දා ) උදේ පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කළ අතර මෙම ගින්න කිසියම් ඉන්ධන  වර්ගයක් දමා සිදු කර ඇති බව මුලික පරික්ෂණ වල දි අනාවරණ වු  බවත් කියයි.

 මේ සම්බන්ධයෙන් ප්‍රන  කිරිම සඳහා  එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බවත් කියයි. හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි. 



අදහස් (0)

හලාවත ධීවර යාත්‍රාවකට ගිනි තියලා:අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site