
(පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල පුස්වැල්ල ප්‍රදේශයේ බෝක්කුවක් අසලින් අද (22) පුද්ගල මළ සිරුරක් හමු වූ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල කළුපහන පදිංචි වීරසිංහ මුදියන්සේලාගේ වීරසිංහ නමැති 65 හැවිරිදි පුද්ගලයකු බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
ඔහු පාසල් ළමුන් ප්‍රවාහනයේ නිරතවන තීරෝද රථ රියදුරකු බවටද පොලිසිය හඳුනාගෙන තිබේ. ඔහුගේ තිරෝද රථය සහ එක් සෙරෙප්පුවක් මළ සිරුර ඇති ස්ථානයට මීටර් දෙසීයක් පමණ නුදුරින් තිබූ බවත් පොලිසිය කියයි. මෙය පුද්ගල ඝාතනයක් ද යන්න සොයා ගැනීමට හල්දුම්මුල්ල පොලීසිය විමර්ශනය ආරම්භ කර තිබේ.
මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය. හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 30
68
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
725
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හල්දුම්මුල්ල බොක්කුවක් අසළ පුද්ගල මළ සිරුරක්