(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පේරාදෙණිය මාර්ගයේ හල්ඔළුව ප්‍රදේශයේදී අද (03) ජීප් රථයක් වාහන හතරක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් වාහන දෙකකට සහ යතුරු පැදියකට බරපතල හානි සිදුවී ඇති බව පොලිසිය කීය.
මෙම ජීප් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ දෙකක , වෑන් රථයක සහ යතුරුපැදියක ඇතුළු වාහන හතරක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
ජීප් රථයේ ගැටුණු එක් මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී පෙරළී තිබූ අතර ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් ද මාර්ගයේ පෙරළී අනතුරට ලක්වී තිබිණ.
ත්‍රීරෝද රථයේ රියදුරුට සහ යතුරුපැදිකරුට තුවාල සිදුව ඇති අතර ඔවුන් දෙදෙනා රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවසීය.
අනතුරට හේතුව ජීප් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම විය හැකි බවත් අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.