IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හමුදා කඳවුරේ ඉන්ධනහළෙන් ඩීසල් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන පිරවුම්හළෙන් රුපියල් 346,840 ක් වටිනා ඩීසල් ලීටර් 3335 ක් සොරා ගනු ලැබු පුද්ගලයන් දෙදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි බවුසර් රථ රියදුරකු සහ රිය සහායකවරයෙකි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන ගබඩාවට පෞද්ගලික බවුසර් රථයක් මගින් ගෙන ආ ඩීසල් සම්පුර්ණ තොගයම පිරවුම්හලේ ටැංකි තුළට නොදමා ඉන්ධන ලීටර් 3335 ක් බවුසරයේම රඳවා ගෙන සැකකරුවන් රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා නිලධාරින් ලැබුණ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ පොලිසිය මෙම ඉන්ධන තොගය ගල්ගමුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක හිමිකරුවකුගේ නිවසේ තබා තිබියදී පොලිස් බාරයට ගෙන ඇත.

මෙම ඉන්ධන වංචාව සම්බන්ධයෙන් ගුවන් හමුදා භටයකුගේ ද සහාය ලැබී ඇතැයි පොලිසිය කියයි. අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් දෙදෙනා අද (15)  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (0)

හමුදා කඳවුරේ ඉන්ධනහළෙන් ඩීසල් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site