(සනත් ගමගේ)
ජනාධිපතිවරණය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (17) වන විට මැතිවරණ පැමිණිලි 48 ක් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි හා දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය.
මුල් අවස්ථාවේ දී සිමෙන්ති බෙදිම් සම්බන්දයෙන් පැමිණිලි වාර්තා වූ බවත්, ඒවා සියල්ල නතර කිරීමට පියවර ගෙන ඇති අතර දැනට පොස්ටර් බැනර් , කටවුට් ඉවත් කිරිම් සම්බන්දයෙන් වැඩි වශයෙන් පැමිනිලි ලැබි ඇති බවත් එම ස්ථානවලට පොලිස් නිලධාරීන් යවා නිති විරෝධි එවා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු පැමිණිල්ලක් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබි නැති බවද තේරීම්භාර නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd