
(දයාරත්න ඇඹෝගම)
හඳුනා නොගත් කෘමියකු විසින් තම ගෙවතුවල වගාකර ඇති කව්පි, මුං වැනි ධාන්‍ය වර්ගවලට හානි සිදුකිරිමෙන් තමන් එම වගාවන් අතහැර දැමූ බව අනුරාධපුර, යහලේගම ගොවිහු පවසති.
කොරෝනා සමයේ අලෙවි කිරිමට හා තම පරිභෝජනය සඳහා සිය ගෙවතුවල මෑ සහ කව්පි වගා කර තිබූ බවත්, මෙම නාදුනන කෘමියා විසින් එම වගාවන්ට හානි කිරිමෙන් නියමිත අස්වැන්නක් ලබාගත නොහැකිව වගාවන් අතහැර දමා ඇති අයුරු දක්නට ලැබිණි.
මෙම කෘමියා වගා කර ඇති කජුගස්වලද මල් කා විනාශ කර තිබෙන අතර තමන්ගේ ගෙවතු වගාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යහලේගම පදිංචි එච්.බි.සුනන්ද (55) මහතා මෙසේ පැවසීය.
‘මුලින් කෘමියෝ එකෙක් දෙන්නෙක් තමයි මේ වැල් අස්සේ හිටියේ පස්සේ උන් පැටව් දාලා එන්න එන්නම කෘමින් විශාල පිරිසක් බෝවුනා. දැන් කව්පි,මැකරල් වල මේ සත්තු සැහෙන ප්‍රමාණයක් ඉන්නවා. කව්පි,මැකරල්වල මල් හා කොළ සම්පුර්ණයෙන්ම කෘමින් කාලා විනාශ කරනවා.මල් කෑවට පස්සේ කරල් එන්නේ නෑ. ඒ වාගේම කජුගස් වලටත් හානි සිදු කරනවා.
අපි කව්පි අක්කරයක් පමණ වගා කළා. මේ කෘමින් ඒවායේ මල් කාලා විනාශ කළාට පස්සේ ගලවලා දැම්මා. ගමේ ගොවියෝ වගා කරපු තල,මැකරල් වලටත් මේ විදියටම කෘමින් හානි කරලා.තෙල් ගහන්නේ නැහැ. කට්ටියම වගා අතහැරලා දැම්මා. පහුගිය මැයි මාසේ තමයි අපි මේ වගාවන් ආරම්භ කලේ. කව්පි වගාවෙන් කිලෝ 10 ක අස්වැන්නක්වත් ලබාගන්න බැරිවුණා.
යහලේගම පදිංචි ගොවියන් විශාල පිරිසක් ඔවුන්ගේ ගෙවතුවල කව්පි,මෑකරල් වගා කළා. ඒත් මේ කෘමියා එම වගාවන් වලට හානි කිරිමෙන් ඔවුන් ද සිය වගාවන් අතහැරියා. මේ කෘමියා අද හෙටම විනාශ නොකළොත් පළාතටම බෝ වෙන්න පුලුවන්. එහෙම වුණොත් ලොකු විනාශයක් වෙනවා. තම ගෙවත්තේ අලංකාරයට වගාකර ඇති මල්ගස්වලට ද මෙම කෘමියාගෙන් හානි සිදුව ඇතැයි ද හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රියාංජනි මාදන මහත්මියගෙන් සිදුකළ විමසිමේදී ඇය මෙසේ කීවාය.
මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ කිසිඳු ගොවියකු විසින් තම කාර්යාලයට දැනුම්දීමක් කර නොමැති බවයි. දේශගුණය වෙනස් විමත් සමඟ විවිධ කෘමින් බෝවන බව පැවසු අධ්‍යක්ෂකවරිය කඩිනමින් මේ සම්බන්ධයෙන් පියවර ගෙන කෘෂිකර්ම පරියේෂණ අංශය ඇතුළු වගකිව යුත්තන් දැනුවත් කර මෙම කෘමියාගේ පැතිරිම වැළැක්වීමට පියවර ගන්නා බවද කීවාය.
2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හඳුනා නොගත් කෘමියකුගෙන් ධාන්‍ය වගාවලට හානි