(සමන් පාලිත නානායක්කාර)
හක්ක පටස් එකක් සමඟ සෙල්ලම් කරමින් සිටියදී එය පුපුරා යාමෙන් බරපතළ තුවාල ලැබූ හපුතලේ තංගමලේ වත්තේ පදිංචි අට හැවිරිදි දරුවකු අද (31) දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හපුතලේ පොලිසිය කියයි.
කිසිවකු විසින් සතුන් දඩයම් කිරීමට තේ වත්ත ආශ්‍රීතව අටවා තිබූ හක්ක පටස් එකක් සමඟ සෙල්ලම් කරමින් සිටි දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙසේ තුවාල ලබා තිබේ.
මෙසේ හක්ක පටස් ඇටවූ පුද්ගලයා කවුරුන්ද යන්න සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව හපුතලේ පොලිසිය පැවසීය.
COMMENTS
කරුණාකර මේ හක්කපටස් කියනදේ ලංකාවේ තහනම් කරන්න. මෙයින් සිදුවන හානිය අති මහත්. පසුගිය දිනවල අපි දැක්කා අලි කීපදෙනෙකුට මේ හක්කපටස් නිසා සිදුවී තිබුණු දේ. හරිම ශෝචනීයයි.