(කග කරුණාරත්න)

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලියකු හක්කපටස් කෑමෙන් තුවාල ලබා සිටියදී අද (22) හමුවූ බව වනජීවී නිලධාරීන් පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 17 ක් පමණ වයසැති පිරිමි සතෙකි. අලියාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සමර කළිඟු ආරච්චි මහතා ප‍්‍රමුඛ වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කරන ලදී.

හක්කපටස් වන සතුන් දඩයම් කරන දඩයක්කරුවන් විසින් වනෝද්‍යානය අවට ගෙනැවිත් දමන්නට ඇතැයි  වනජීවී නිලධාරීන් සැක පළ කරයි.