IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හක්කපටස් පුපුරා යාමෙන් අලියකු මරුට

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව පලාගල ප්‍රදේශයේ අස්වනු නෙලීමට ආසන්නව තිබූ වගාබිමක මිය ගොස් සිටි වල් අලියෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) පස්වරුවේ වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය පශු වෛද්‍ය ඉසුරු හේවා කෝට්ටගේ මහතා විසින් පවත්වනු ලැබීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ අලි රංචුවේ සිටි වයස අවුරුදු 15ක් පමණ වන අලියෙකි.

හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් ඒම අලියා මිය ගොස් ඇති බව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී පශු වෛද්‍යවරයා විසින් නිගමනය කරනු ලැබීය.

අලියා මිය ගොස් සිටියේ අස්වනු නෙලීමට ආසන්නයේ පැවැති ඒම වගා බිම මැද නිසා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා එම අලියාගේ සිරුර වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට සිදුව තිබිණි.

කෙසේ වෙතත් වගා බිමේ හිමිකරුවන්ට ඉන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සදහා වගා බිම් හිමිකරුවෝ ඉදිරිපත්ව ඒම වගා බිමේ තිබූ අස්වනු පීදී නිම වූ ගොයම් කපා ඉවත් කර ගැනීමට කටයුතු කළහ.

ඒ අනුව ගොයම් සහිත කුඹුරු යාය මැදින් ගොයම් කපා ඉවත් කර සකසා ගත් මාර්ගයක් ඔස්සේ අලියාගේ සිරුර තිබූ ස්ථානය දක්වා ජේසීබී යන්ත්‍රයක් රැගෙන ගොස් ජේසීබී යන්ත්‍රය ආධාරයෙන් ඒම අලියාගේ සිරුර වගා බිමෙන් පිටතට ගැනීම සිදුකෙරිණි.

එතැන් පටන් එම අලියාගේ සිරුර ජේසීබී යන්ත්‍රය ආධාරයෙන් ඔසවාගෙන කලාවැව ගලේවෙල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගෝණදෙණියාගම බෙල්ලන්කඩවල වැව් ඉස්මත්ත තෙක් රැගෙන යාමට වනජීවී නිලධාරීන්ට සිදුව තිබිණි. වනජීවී පශු වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ඒම අලි සිරුර ප්‍රවාහනය කිරීම සිදුකෙරිණි. ජේසීබී යන්ත්‍රය ආධාරයෙන් ඒම අලි සිරුර ප්‍රවාහනය කරන අවස්ථාවේ ඒම දුර්ලභ සිද්ධිය දැකබලා ගැනීමට ප්‍රදේශවාසීන්ද මාර්ගයේ ගමන්ගත් පිරිස් ද එක්ව සිටියහ.

ගෝණදෙණියාගම බෙල්ලන්කඩවල වැව් ඉස්මත්තේ දී ඒම අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුව ඒම සිරුර ඒ වැව් ඉස්මත්තේදී මිහිදන් කෙරිණි.

දින 5ක් තුල කලාවැවේ අලි රංචුවේ සිට හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මිය ගිය දෙවන අලියා වීමද විශේෂත්වයකි.

  



අදහස් (0)

හක්කපටස් පුපුරා යාමෙන් අලියකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site