(නිශාන්ත කුමාර)
නිවසකින් සොරකම් කළ බැංකු ණයවර පතක් යොදාගනිමින් මූල්‍ය ආයතනයකින් මුදල් ලබාගැනීමට තැත් කළ කාන්තාවක අද(13) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද කුඩාලුණූක ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි විවාහක කාන්තාවකි.
අසල්වැසි නිවසකට ඇතුළු වී එහි තිබූ රන් මාලයක් සහ ණයවර පතක් සොරාගෙන, ණයවර පත යොදාගනිමින් මූල්‍ය ආයතනයකින් මුදල් ගැනීමට සූදානම්වීමේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව අද (13) මහියංගන මහේස්ත්‍රාවරයා වෙත ඉදිරිපත්පත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd