IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෙම්බුවත්ත වතු යායේ උද්ඝෝෂණයක්

(මහේෂ් කිර්තිරත්න)

ඇල්කඩුව වැවිලි සමාගමට අයත් සෙම්බුවත්ත වතු යායේ පිහිටි ස්වභාවික ජල උල්පත් 11කින් සැදුම් ලත් විශාල උල්පතක් භාවිතාකරමින් වතු පාලනාධිකාරිය විසින් පානීය ජල බෝතල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් පවතින බව පවසමින් ඊට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් අද (21) සෙම්බුවත්ත තේ කර්මාන්ත අසළදි පැවැත්විණි.

මේ සදහා වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර ඔවුන් පැවසුයේ වතු යායේ ඇති මෙම ඓතිහාසික ජල උල්පත මගින් වත්තේ ඇති දේවස්ථානවල ආගමික වතාවන් සිදු කිරීම සදහා ජලය භාවිතා කරන බවත් පවුල් 200ක ආසන්න පිරිසක් මෙම ජල උල්පතින් ප්‍රයෝජනය ලබන බවය.

මෙම පානීය ජල බෝතල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන සෙම්බුවත්ත වතු අධිකාරිවරයාට උද්ඝෝෂණයෙහි යෙදුනු වතු කම්කරුවෝ දැඩි විරෝධතාවයක් එල්ල කළහ.
 
මෙම ව්‍යාපෘතියට විරෝධතාවය පළ කරමින් දැනට දින තුනක් තිස්සේ වතු කම්කරුවන් වැඩ වර්ජනයක නිරත වී සිටින බවත් ඇල්කඩුව වැවිලි සමාගමේ ඉහළ බලධාරින් මේ සදහා අවධානය යොමු කර කඩිනමින් නිසි පියවරක් ගන්නා ලෙසද උද්ඝෝෂනයෙහි යෙදුනු වතු කම්කරුවෝ පැවසුහ.
 
මේ වන විට දේශීය හා විදේශීය සංචාරකයින් පැමිණෙන සෙම්බුවත්ත වැව නැරඹිම සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ස්ථානද වසා දමා ඇති අතර සංචාරකයෝද දැඩි අපහසුතාවයන්ට පත් ව සිටිති.

මේ පිළිබදව විමසීම සදහා වතු අධිකාරි රැඩ්ලි දිසාගේ මහතා සම්බන්ධකරගැනීමට අවස්ථා ගණනාවකදීම උත්සහ දැරුවද එය ව්‍යර්ථ විය.



අදහස් (0)

සෙම්බුවත්ත වතු යායේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 686 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site