ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් උත්සවයට සමඟාමීව සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම අද(15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් සමරු මුද්දරය හා විශේෂ සමරු කවරය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වන ලදී. අනතුරුව අග්‍රාමාත්‍යවරයා එම සමරු මුද්දරය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමීර පුබුදු කුමාර ද සිල්වා මහතාට පිරිනැමුවේය.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි, තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ.රණසිංහ, මුද්දර කාර්යාංශ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම, දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ ලේකම් ඊ.ඒ.වයි.එදිරිසිංහ, දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමීර පුබුදු කුමාර ද සිල්වා, දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා, දෘශ්‍යාබාධිත ජාතික සම්මේලනයේ සභාපති කමල්සිරි නානායක්කාර මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප- අග්‍රාමාත්‍ය කාර්යාලය)





2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුදු සැරයටි සුරක්ෂා දිනයට සමරු මුද්දරයක් එයි