(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකදී සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද (12) අධිකරණයට ඉදිරිපත් කළ ගුරුවරයා සැප්තැම්බර් 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත‍්‍රාත් පි‍්‍රයංකා මද්දුමපටබැදි මෙනෙවිය නියෝග කළාය.
සැකකාර ගුරුවරයා මාලබේ ප‍්‍රදේශයේ පදිංචි නඳුන් වැලිකන්න නමැති පුද්ගලයෙකි.
උපකාරක පංති ගුරුවරයා පංති කාමරය තුළ ඉගැන්වීම් කටයුතු සිදුකරන අතරතුර සිසුවියන්ට අතවර කළ බවට සිසුවියන් තිදෙනෙකු කොළඹ ළමා හා කාන්තා කාර්යංශයට කළ පැමිණිලි කර තිබිණි.
ඒ අනුව මීගොඩ පොලිසිය සැකකාර ගුරුවරයා ඊයේ(11) සැකපිට අත්අඩංගුවට ගෙන අද(12) හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
මීගොඩ පොලිස් ස්ථානය වෙනුවෙන් පොලිස් කොස්තාපල් සුසන්ත මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

2025 ඔක්තෝබර් මස 08
827
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
956
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
388
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිසුවියන්ට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා රිමාන්ඩ්