(රංජිත් රාජපක්ෂ)
හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද (13) උදෑසන හටගත් ගින්න පාලනය කිරීමට ආපදා කලමනාකරණ ඒකකය ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇත.
හැටන් පොලිසිය , වන අඩවි කාර්යාලයේ නිලධාරීන් , හැටන් දික්ඔය නගර සභාව , ප්‍රදේශවාසින් සහ යුද හමුදා නිලධාරින් පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීමට උත්සහ කළද ගින්න පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ගුවන් හමුදාවේ සහය ලබාගෙන තිබේ.
සිංගිමලේ කදු මුදුණ වෙත කාසල්රි ජලාශයෙන් ජලය රැගෙන ගොස් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව කටයුතු කළේය.
පැතිර ගිය ගින්නෙන් අක්කර තුනක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd