(රංජිත් රාජපක්ෂ)       
                 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ සැඩ පහරකට හසු වී මියගිය  සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (21) ආගරපතන අග්‍රල්බෙත්ත වත්තේ පොදු සුසාන භුමියේදී පැවැත්විණි.
 
ආගරපතන ටොරිංටන් දමිළ  මහ විද්‍යාලයේ  7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මදියගලන් සංගීතා(12) සහ මදියලගන් ලක්ෂ්මි(12) යන සොහොයුරියෝ දෙදෙනා ඉකුත් 18 දින පාසල නිම  වී නිවස කරා යන අතරතුර ජල පහරකට හසුව අතුරුදහන්ව සිටියහ.

යුද හමුදාව, ආගරපතන පොලිසිය සහ වතු කම්කරුවන් ඔවුන්ගේ සිරුරු එම වතු යායේ සිට කොත්මලාඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී සොයා ගෙන තිබිණි.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)