IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සා පෙළ ලියන්න ගිය සිසුවා බසයෙන් ඇද වැටෙයි

(කාංචන කුමාර ආරියදාස)

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට බස් රථයකින් යමින් සිටි  සිසුවකු බස් රථයෙන් ඇද වැටී ප්‍රතිකාර කර විභාගය ලිවීමෙන් පසුව නැවතත් රෝහල්ගත කර අැත.

දඹුල්ල වෑවල වැව මාර්ගයේ ගමන් කරමින්  තිබූ පෞද්ගලික බස් රථයක උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා සිසුවා කණ්ඩලම ප්‍රදේශයෙන් බස් රථයට නැග   ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් කණ්ඩලම පාර සිසිරවත්ත ප්‍රදේශයේදී  බිමට ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථය බස් රථයේ රියැදුරු බස් රථයේ කොන්දොස්තරවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ  කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි සුපුන් මදුශංක  නැමති පාසල් සිසුවෙකි.

තුවාල ලැබූ සිසුවා එම බස් රථයෙන්ම දඹුල්ල මූලික රෝහලට රැගෙනවිත් තුවාලවලට බෙහෙත් දමා දඹුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයට පිටත් කර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

පසුව විභාගය අවසන් වූ පසු නැවතත්  රෝහලට ගෙන විත් ඔහුට ප්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව රෝහල් ප්‍රකාශකයකු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිසුවාගේ අත්පා වලට සහ මූහුණට දැඩි හානි සිදු වී තිබෙන බවද  රෝහල් ප්‍රකාශකයා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සා පෙළ ලියන්න ගිය සිසුවා බසයෙන් ඇද වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site