(වසන්ත චන්ද්‍රපාල)
විදේශිය රටක නිෂ්පාදිත බ්‍රවුනින් වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත් අඩංගුවට ගැනිමට අම්පාර දිස්ත්‍රික් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් සමත්ව තිබේ.
අම්පාර පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත ඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සතුව තිබු මෙම පිස්තෝලය සොයා ගැනිමට හැකිව තිබේ.
ඔහුට මෙම පිස්තෝලය විකුණා ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පුද්ගලයෙකි. පිස්තෝලය විකුණු පුද්ගලයාද අත් අඩංගුවට ගැනිමට පොලීසීය සමත්වි තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අම්පාර වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත ලියනආරච්චි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසනියෝග කෙරිණි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවුයේ කල්මුනේ පදිංචිකරුවෙකු වන මොහමඩ් ඉබ්‍රාහීම් මොහමඩ් රැෂ්ඩීන්, සහ ඇල්පිටිය පදිංචිකරුවෙකු වන විජිත චන්දන කැලුම් යන පුද්ගලයින්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd